ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලියක් එළැඹෙන නොවැම්බරයේ පළමුවරට ශ්‍රී ලංකාවේදී

  👤  2897 readers have read this article !
By mawbima 2018-09-25

සඳරු පෙරේරා

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරනු ලබන 'සිලෝන් මාස්ටර්ස්' ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලිය නොවැම්බර් මස 26 වැනිදා සිට 29 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ඇතුළුව ඉන්දියාව, චීනය, චීන තායිපේ, මාලදිවයින, මැලේසියාව හා තවත් රටවල් කිහිපයක් නියෝජනය කරමින් තරගකරුවන් 300ක් පමණ මෙයට සහභාගි වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.

කෙසේ වෙතත් මෙම තරගාවලිය ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සාමාන්‍ය තරග නීති රීතිවලට අනුකූලව පැවැත්වෙයි. තවද ලකුණු 15කින් යුත් තරග වට තුනක තරග ආකෘතියකින් මෙය සමන්විතය. වයස අවුරුදු 35න් ඉහළ කාණ්ඩයේ සිට 40න්, 45න්, 50න්, 55න්, 60න්, 65න් හා 70න් ඉහළ වයස් කාණ්ඩයකින්ම පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල හා මිශ්‍ර යුගල වශයෙන් තරග පැවැත්වෙයි.

තවද එම සෑම කාණ්ඩයකම ශූරතාව හා අනුශූරතාව දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමෙන බව තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය. සම්පූර්ණ ත්‍යාග මුදලෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 7500කි. තරගාවලියට අයදුම්පත් යොමුකිරීම ඩබබන://ජඥරතධදථචඵබඥපඵ.ජධථ වෙබ් අඩවිය ඔස්සේද නො: 284, වොක්ස්හෝල් වීදිය, කොළඹ 2 යන ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් සංගම් මූලස්ථානය වෙත ලබාදීමෙන්ද සිදුකළ හැකිය. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය නොවැම්බර් 12 වැනිදා වෙයි.

ඡායාරූපය-අශාන් ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon