16න් පහළ දෙවැනි කොටසේ පාසල් රග්බි කුසලාන ශූරතාව කටුගස්තොට ශ්‍රී රාහුලට

  👤  2876 readers have read this article !
By mawbima 2018-09-25

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය නෙස්ලේ ලංකා සමාගමේ "මයිලෝ" අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ අවුරුදු 16න් පහළ දෙවැනි කොටසේ පාසල් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගැනීමට කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල් කණ්ඩායම සමත් විය.

කුරුණෑගල මලියදේව පිටියේදී පැවැති මෙම තරගාවලියේ කුසලාන ශූරතා අවසන් මහා තරගය සඳහා ශ්‍රී රාහුල විදුහල් කණ්ඩායම සමඟින් පානදුර ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායම තරග වැදුණු අතර, එහිදී ලකුණු 17-07ක් ලෙස ජයගත් ශ්‍රී රාහුල විදුහල් කණ්ඩායම මෙවර ශූරතාව දිනාගනිද්දී කොළඹ අසෝක විදුහල් කණ්ඩායම ලකුණු 21-00ක් ලෙස පරාජය කළ බුත්තල දුටුගැමුණු විදුහල් කණ්ඩායම පළඟ ශූරතාව දිනාගත්තේය.

කෙසේ වෙතත් මහරගම ජනාධිපති විදුහල් කණ්ඩායම 14-07ක් ලෙස පරාජයට පත්කළ වෙළගෙදර විදුහල් කණ්ඩායම බඳුන ශූරතාව දිනාගනිද්දී දෙහිඕවිට ජාතික පාසල 31-05කින් පරාජය කළ දෙහිවල එස්.ද එස්. ජයසිංහ විදුහල් කණ්ඩායම පළිහ ශූරතාව දිනාගනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon