ඉන්දියාව සමඟ අවසන් තරගයට එන කණ්ඩායම තීරණය හෙට

  👤  2865 readers have read this article !
By mawbima 2018-09-25

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සමඟින් අවසන් තරගයට එන කණ්ඩායම තීරණය කිරීමේ පාකිස්තානය හා බංග්ලාදේශ තරගය හෙට (26දා) අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව මේ වනවිටත් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ඇති බැවින් ඔවුන් සමඟ අද (25දා) තරග වදින ඇෆ්ගනිස්තානයට මෙම තරගය ජය ගත්තද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් සුපිරි කණ්ඩායම් 4 වටයේදී මේ වනතෙක්ම කිසිදු තරගයක් ජය ගැනීමට නොහැකි වී ඇති බැවිනි.

කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන පාකිස්තානය හා තෙවැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය ලකුණු දෙක බැගින් ලබා ඇති හෙයින් එම කණ්ඩායම් දෙක අතර හෙට පැවැත්වෙන තරගය අවසන් පූර්ව තරගයක් සේ සැලකිය හැකි අතර, ඉන් ජය ගන්නා කණ්ඩායම ඉන්දියාව සමඟින් 28 වැනිදා පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත.

මේ අතර ඇෆ්ගනිස්තානය සමඟින් අද (25දා) පැවැත්වෙන තරගයද ජයගෙන අපරාජිතව අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ඉන්දියාවට හිමිවන අතර, අද තරගයෙන් ඇෆ්ගනිස්තානයට ජය ගැනීමට හැකි වුවහොත් මෙම තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම පරාජය කිරීමේ ගෞරවය පමණක් ඇෆ්ගනිස්තානයට හිමිවෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon