දඹදෙණියෙන් ගල්ගම්මුල්ලට වැඩි තරුණ හිමිනම හදිසියේ අපවත් වෙති

  👤  2967 readers have read this article !
By mawbima 2018-09-25

කුලියාපිටිය - ආර්. විමලරුවන්

කුලියාපිටියේ වැවගම, ගල්ගම්මුල්ල ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ වැඩසිටි 18 හැවිරිදි තරුණ හිමිනමක් පෙරේදා (23දා) රාත්‍රියේ එම විහාරස්ථානයේ ලැගුම්ගෙයි සැතපී සිට පසුදින (24දා) උදේ අවදි නොවීම නිසා කීපදෙනකු උන්වහන්සේට කතා කළද ඊට ප්‍රතිචාරයක් නොවූ හෙයින් වාහනයකින් කුලියාපිටිය රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී වෛද්‍යවරුන් හිමිනම පරීක්‍ෂා කර බලා උන්වහන්සේ අපවත් වී ඇති බව දැනුම්දී ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි.

එසේ හදිසියේ අපවත්ව ඇත්තේ රන්දෙණියේ සුමනජෝති (18) නමැති හිමිනමකි.

උන්වහන්සේ කුලියාපිටිය, කනදුල්ල ශ්‍රී ධර්මරාජ පිරිවෙනේ ශිෂ්‍ය හිමිනමක වන අතර එහිමියන් කලක් වැඩසිටි දඹදෙණිය ශ්‍රී රාජපුෂ්පාරාමයේ සිට ඉකුත් 23 වැනිදා සවස තම පියාද සමඟ ගල්ගම්මුල්ල විහාරස්ථානයට වැඩම කොට සිටි බවද පැවැසේ.

උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳ මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගය කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්‍ෂක එන්.පී. හෙට්ටිගමගේ මහතා විසින්ද, පශ්චාත් මරණ පරීක්‍ෂණය කුලියාපිටිය රජයේ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන මහතා විසින්ද ඊයේ (24දා) පැවැත්වීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon