මෙරට ප්‍රධාන සංචාරක පාර්ශ්වකරුවන් එක්ව විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක්

  👤  2848 readers have read this article !
By mawbima 2018-09-25

උදයන්ති මුණසිංහ

විදේශීය සංචාරකයන්ගේ පැමිණීම පහළ යන අවස්ථාවලදී එම සංචාරකයන් මෙරටට වැඩිපුර ගෙන්වා ගැනීමට මෙරට ප්‍රධාන සංචාරක පාර්ශ්වකරුවන් සමඟ එක්ව විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මේ නව ප්‍රවර්ධන වැඩසටහන මඟින් සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවලදී දිවයින පුරා ඇති සංචාරක හෝටල් මඟින් සංචාරකයන්ට විශේෂ වට්ටමකින් ඇමෙරිකා ඩොලර් මිලියන 99ක් වැනි අඩු මුදලකට දින 4ක විශේෂ සංචාරක පැකේජයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි එම කාර්යාංශය සඳහන් කරයි.

මේ නව සංචාරක පැකේජය දැනට පවතින ගාස්තු අනුව සියයට පනහක් පමණ අඩු කිරීමක් බවත්, ඊට ශ්‍රී ලන්කන්, එමිරේට්ස් හා කටාර් ගුවන් සේවාවන් විසින්ද සංචාරකයන්ට විශේෂ වට්ටම් ලබාදීමට අදහස් කර ඇති අතර මේ වැඩසටහනේ පළමු අදියර ඉන්දියාව, චීනය හා මැද පෙරදිග ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එම කාර්යාංශය පෙන්වා දෙයි.

මේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේ මෙය කර්මාන්ත පාර්ශ්වකරුවන්ගේ ක්‍රියාකාරී සහායත් සමඟ අප රටේ පවත්වන ප්‍රථම සැලසුම් සහගත හා පුළුල් ප්‍රවර්ධන වැඩසටහනක් බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon