ප්‍රාදේශීය වරායන් සංවර්ධනය යටතේ ත්‍රි මලය වරාය සංචවර්ධනය කිරීමට පියවර

  👤  2856 readers have read this article !
By mawbima 2018-09-25

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ශ්‍රී ලාංකේය ප්‍රාදේශීය වරායන් සංවර්ධනය යටතේ ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා සඳහන් කරයි.
මේ පිළිබඳ සාකච්ඡාවක් වරාය සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා සහ උප සභාපති ඇතුළු ඉහළ කළමනාකාරිත්වය සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන් අතර පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී රෝහිත බෝගොල්ලාගම මහතා පවසා ඇත්තේ ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමේදී ප්‍රථමයෙන් වරාය සතු භූමි ප්‍රදේශයන් නිසි ලෙසින් ආවරණය කර ගත යුතු බව හා ඉඩම් අත්පත් කර ගැනීමේදී නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

ත්‍රිකුණාමලය වරාය ආශි්‍රත භූමිය නිසි ලෙස හඳුනාගනිමින් භූමි සංචිතයක් ලෙස පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව හා පෞද්ගලික ව්‍යවසායකයන් සමඟ මනා සුසංයෝගයකින් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබේ.

නැඟෙනහිර පළාත සතු භූමියේ ශක්‍යතා හැඳිනගනිමින් සංචාරක ප්‍රවර්ධන කලාපයක් ලෙසින් එම පළාත ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී නැඟෙනහිර ආණ්ඩුකාරවරයා කරුණු දක්වා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon