ජල සම්පත් කළමනාකරණ ගැටලු නිරාකරණයට ජාතික කමිටුවක්

  👤  2836 readers have read this article !
By mawbima 2018-09-25

ජේ.ටී.ද සිල්වා

ජල සම්පත් කළමනාකරණ ගැටලු නිරාකරණයට ජාතික කමිටුවක් පත්කෙරේ. පානීය ජලය සඳහා ජල සම්පත් කළමනාකරණය හා බෙදා ගැනීම පිළිබඳව ඉකුත්දා පැවති වැඩමුළුව අවසානයේ මෙම ජාතික කමිටුව පත්කර ඇත.

නගර සැලසුම් හා ජලසම්පාදන සහ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද "බීමට ජලය සඳහා ජල සම්පත් කළමනාකරණය හා බෙදා ගැනීම" පිළිබඳ මෙම වැඩමුළුව, ඇමැති රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන්, ඇමැති දුමින්ද දිසානායකගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.

පානීය ජල නිෂ්පාදනයට අවශ්‍ය ජල මූලාශ්‍රයන් තෝරාගැනීම මෙන්ම ජල සම්පත් කළමනාකරණයේදී මතුවන ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව ජල සම්පත් කළමනාකරණය කිරීමේ කටයුතුවල නිරතව සිටින රාජ්‍ය ආයතනයන් වන මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර අවබෝධතා දියුණු කර ගැනීමේ අරමුණෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.

ජල සම්පත් කළමනාකරණය හා සම්බන්ධීකරණයෙහි අවශ්‍යතාව, ජලසම්පත් කළමනාකරණයේ ඉතිහාසය, ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය, ජල සම්පත් කළමනාකරණය හා බෙදාහැරීම, ශ්‍රී ලංකාවේ ජල සම්පත් කළමනාකරණය යන මාතෘකා මුල් කරගනිමින් මෙම වැඩමුළුවේදී සාකච්ඡා කෙරිණි.

නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම්, ඩී.ජී.එම්.වී. හපුආරච්චි, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, වාරිමාර්ග ජල කළමනාකරණය හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සිසිර කුමාර යන මහත්වරු මෙහිදී දේශන පැවැත්වූහ.

නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන, ඒ.සී.එම්. නෆීල්, එල්. මංගලිකා, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වැඩ බලන සභාපති එම්.එච්.එම්. සල්මාන්, සාමාන්‍යාධිකාරි දීප්ති සුමනසේකර, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ඉන්ජිනේරු එස්. මෝහන්රාජ් යන මහත්ම මහත්මීහු ඇතුළු උසස් නිලධාරීහු මෙම වැඩමුළුවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon