වාහන තොග අලෙවිය අවසන් වූ පසු වෙළෙඳපොළේ මෝටර් රථ හිඟයක් ඇතිවේවි-මෝටර් වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන

  👤  2955 readers have read this article !
By mawbima 2018-09-25

උපතිස්ස පෙරේරා

මේ මස 20 වැනිදා පසු ණයවර ලිපි මත ආනයනය කරන මෝටර් රථවල මිල ඉහළ ගියද මේ වනවිට ආනයනය කර අලෙවිය සඳහා වෙළෙඳපොළට යොමුකර ඇති මෝටර් රථවල මිලෙහි වෙනසක් නොවන බවත් ඒවා පැරැණි මිල ගණන්වලට අලෙවි කරන බවත් මෝටර් වාහන ආනයනය කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව දැනට වෙළෙඳපොළට නිකුත් කර ඇති වාහන තොග අලෙවි කර අවසන් වූ පසු වෙළෙඳපොළේ මෝටර් රථ හිඟයක් නිර්මාණය වනු ඇතැයිද සංගමය පවසයි.

අලුතෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී අදාළ මෝටර් රථයේ සම්පූර්ණ වටිනාකම ගෙවිය යුතු බවට රජය විසින් පනවා ඇති කොන්දේසිය හේතුවෙන් වාහනය ඇණවුම් කර ගෙන්වාගෙන එය අලෙවි කරන තෙක් වූ කාල සීමාව සඳහා සම්පූර්ණ වටිනාකමටම පොලී ගෙවීමට සිදුවීම මීට හේතුව බව එම සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය මත ඉදිරියේදී මෝටර් රථ අලෙවියේ විශාල පසුබෑමක් සිදුවනු ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon