ලංකා විදුලි පෞද්ගලික සමාගමේ දූෂණ සෙවීමට පත්කළ කොමිසම ඉන් ඉවත් වීමට තීරණය කරයි

  👤  3044 readers have read this article !
By mawbima 2018-09-25

හර්ෂනී අර්සකුලරත්න

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ඹ්ඡ්ඛ්ර්ණී) සිදු වී ඇතැයි පැවැසෙන දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ සෙවීම සඳහා විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය පත් කළ ස්වාධීන විමර්ශන කමිටුව එම විමර්ශන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

විමර්ශන කටයුතුවලදී කමිටුව නොමඟ යවමින් ලංකා විදුලි පෞද්ගලික සමාගම (ඹ්ඡ්ඛ්ර්ණී) ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම මීට හේතුවී ඇත.

එම ස්වාධීන විමර්ශන කමිටුව සමඟ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ වෘත්තීය සමිති එකමුතුව සිදු කළ සාකච්ඡාවකදී ඔවුනට මේ බව අනාවරණය වූ බව ඔවුන් "මව්බිම"ට පැවැසීය.

එහිදී එම කමිටුව අනාවරණය කර ඇත්තේ සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා විසින් විමර්ශන කමිටුව වෙත නිසි සහයෝගයක් නොදක්වන බවත් විමර්ශනය සඳහා ලබා දිය යුතු ලිපිගොනු හිතාමතාම විකෘති කොට ලබා දී ඇති බවත්ය.

ඒ හේතුවෙන් වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඇතැම් කරුණු විමර්ශනය කිරීම අපහසු වී ඇති බවත් ඒ නිසා ඒවා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කිරීම සුදුසු බවත් එම ස්වාධීන කොමිෂන් සභාව වෘත්තීය සමිති එකමුතුවට පවසා ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව විදුලි බල අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ සමඟ එම කමිටුව සාකච්ඡා කොට අවසන් වශයෙන් තීරණය කොට ඇත්තේ මෙතෙක් සිදුකළ විමර්ශනයන්හි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මේ සතිය ඇතුළත නිකුත් කොට විමර්ශනයන්ගෙන් ඉවත්වීමටය.

මෙවැනි තත්ත්වයකට මෙම කමිටුව ඇදවැටීමට හේතුවී ඇත්තේ විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩගේ උපදෙස් පිළිපැදීම යැයි සිය වෘත්තීය සමිති එකමුතුවේ නිරීක්ෂණය වී ඇති බවද ඔවුන් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon