බි්‍රතාන්‍ය රගර් ක්‍රීඩකයන්ට හෙරොයින් සැපයූ තිදෙනා යළිත් රිමාන්ඩ්

  👤  2922 readers have read this article !
By mawbima 2018-09-25

අමිල අබේරත්න

කොළඹ සී.ආර්.එෆ්.සී. රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නේවි රගර් කණ්ඩායම සමඟ සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි බි්‍රතාන්‍ය රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් වූ මියගිය තෝමස් ඇන්ඩෘෘ හෙවාර්ඩ් (25) සහ වෙටී තෝමස් රීඩ් (26) යන දෙදෙනාට හෙරොයින් පැකට් ලබාගැනීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි ත්‍රිරෝද රියැදුරා සහ හෙරොයින් සැපයූ දෙදෙනා මේ මස 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මියගිය බි්‍රතාන්‍ය ජාතික රගර් ක්‍රීඩකයන් දෙදෙනා ගමන් කළ ත්‍රිරෝද රථයේ රියැදුරා වන රාජික් මොහොමඩ් රියාස් සහ බි්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනාට හෙරොයින් සැපයූ අගම්පොඩි සනත් ප්‍රේමතිලක ද සිල්වා නොහොත් "සනා" සහ කළුතන්ත්‍රීගේ චන්දන පෙරේරා නොහොත් චන්න යන අයවලුන්ය.

හෙරොයින් සැපයූ දෙදෙනා බි්‍රතාන්‍ය ක්‍රීඩකයන් දෙදෙනාට සම්බන්ධ කර දීම, හෙරොයින් පැකට් ලබාගැනීම ස¼දහා ආධාර අනුබල දීම යටතේ ත්‍රිරෝද රියැදුරාට එරෙහිව කොටුව පොලිසිය චෝදනා ගොනුකර තිබූ අතර බි්‍රතාන්‍ය ජාතික රගර් ක්‍රීඩකයන් දෙදෙනාට හෙරොයින් පැකට් ලබාගැනීම සඳහා ආධාර අනුබල දීම යටතේ ඉතිරි දෙදෙනාට එරෙහිව පොලිසිය චෝදනා ගොනුකර තිබේ.

සිද්ධියට අදාළ විමර්ශන අවසන් බව කොටුව පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර එම විමර්ශනවල උද්ධෘත නීතිපතිවරයාට යොමුකරන ලෙස මහෙස්ත්‍රාත්වරිය කොටුව පොලිස් නිලධාරීන්ට නියම කළාය. එක් රගර් ක්‍රීඩකයකු ඉකුත් මැයි මස 13 වැනිදා සහ අනෙක් ක්‍රීඩකයා මැයි මස 15 වැනිදාද මෙරට පෞද්ගලික රෝහලකදී මියගොස් තිබිණි. ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මඟින් අනාවරණය වී තිබුණේ එක් රගර් ක්‍රීඩකයකු හෙරොයින් විසවීම මතද අනෙක් රගර් ක්‍රීඩකයා හෙරොයින් අධි මාත්‍රාව හේතුවෙන්ද මියගොස් ඇති බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon