සංචාරක චීන ජාතික කත නුවරඑළියේ චෙහා්ටලයක තුන් වැනි මහලෙන් වැටී මරුට

  👤  3148 readers have read this article !
By mawbima 2018-09-24

නුවරඑළියේ සංචාරක හෝටලයක නැවතී සිටි චීන ජාතික කාන්තාවක් එහි තුන්වැනි මහලෙන් බිමට වැටී මියගොස් ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.

ඊයේ (23දා) උදෑසන සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ ෂෙන් වොන් නමැති 34 හැවිරිදි කාන්තාවකි.

ඇය තවත් චීන ජාතික සංචාරකයන් පිරිසක් සමඟ ගේ‍රගරි වැව ඉදිරිපිට මෙම හෝටලයේ නතර වී සිට ඇති අතර ඊයේ (23දා) පරිසරයේ සිරි නරඹමින් සිටියදී ඇය ලිස්සා ගොස් තුන්වැනි මහලින් බිමට වැටී තිබේ. එසේ වැටී ඇත්තේද ගල් ගොඩක් මතට බැවින් ඇයගේ හිසට බරපතළ තුවාල සිදුව තිබූ අතර ඇය රෝහල්ගත කරන විටත් මියගොස් තිබී ඇත.

නුවරඑළිය මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන බස්නායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො. පරීක්ෂක නිශාන්ත ප්‍රදීප් මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon