නුවරඑළිය මහ රෝහලේ ඇස් වාට්ටුවේ එන්නතකින් පසු 12 දෙනකු අන්ධ වෙලා

  👤  3145 readers have read this article !
By mawbima 2018-09-24

නුවරඑළිය මහ රෝහලේ ඇස් වාට්ටුවේ ප්‍රතිකාර ලබන රෝගීන් හට දී ඇති එන්නතකින් පසු රෝගීන් 12 දෙනකුගෙන් ඇස්වල පෙනීම නැතිවී ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙයින් වැඩිදෙනකුගේ ඇස් පෙනීම අර්ධ වශයෙන් නැතිවී තිබෙන අතර කිහිපදෙනකුගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවී ඇතැයි කියති.

ඉකුත් 17 වැනිදා රෝගීන් 55 දෙනකු වෙත මෙම එන්නත දී ඇති අතර එයින් 12 දෙනකුට මෙම තත්ත්වය උදා වී තිබේ.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් 'මව්බිම' විමසූ විට ඒ මහතා කියා සිටියේ එවැනි තත්ත්වයක් වාර්තා වූ අතර මේ වනවිටත් එම රෝගීන් හට ප්‍රතිකාර කරමින් පවතින බවයි. මෙදින රෝගීන් සඳහා එන්නත් දෙකක් දී තිබෙන අතර එයින් මෙම තත්ත්වයට හේතු වූවායැයි සැක කරන එන්නත ගැන වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කීය.

එසේම මෙම තත්ත්වයට භාජන වූ රෝගීන් හට කඩිනම් ප්‍රතිකාර ලබාදෙන අතර මේ වනවිට ඉන් සමහරකුගේ පෙනීම යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon