ජනපති මෛත්‍රි අද නෙල්සන් මැන්ඩෙලා සමුළුව අමතයි

  👤  3194 readers have read this article !
By mawbima 2018-09-24

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (24දා) නෙල්සන් මැන්ඩෙලා සාම සමුළු සැසිවාරයේදී විශේෂ දේශනයක් කිරීමට නියමිතය.

දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ ජන්ම ශත සංවත්සරය ගෞරවාන්විතව සිහි කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙම සමුළුව පවත්වයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රි 7.30ට පමණ නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ගුවන්තොටුපළින් ඇමෙරිකාවට පැමිණියහ.

ජනාධිපතිවරයා සමඟ ‍ෙදාස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පාලිත රංගේ බණ්ඩාර හා එස්.එම්. මරික්කාර් යන මැති ඇමැතිවරුන්ද මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාද මෙම සංචාරයට එක්ව සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon