බි්‍රතාන්‍යයන් බව හඟවමින් හොරට හැදූ පාස්පෝට්වලින් කටුනායකට ආ ඉරාන මවත්-දුවත් පිටුවහල්

  👤  3149 readers have read this article !
By mawbima 2018-09-24

කටුනායක - ගයා තිරිමාදුර

ඉරාන ජාතික මවක සහ දියණියක ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවට පැමිණ ලන්ඩන් නුවර බලා යෑමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර තිබේ.

ඉරාන ජාතික 65 හැවිරිදි මව සහ 37 හැවිරිදි දුව ඉකුත් 21 වැනිදා අලුයම 4.15ට බහරේනයේ අබුඩාබි නුවර සිට පැමිණි ගල්ෆ් එයාර් ගුවන් සේවයේ යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ තමන් බි්‍රතාන්‍ය ජාතිකයන් බව හඟවමින් එරට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සමඟිනි.
එහෙත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ විමසිලිමත්භාවය සහ ඔවුන් ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රවල ඇති සියුම් වෙනස්කම් නිරීක්ෂණය කර මොවුන් දෙදෙනා ඉරාන ජාතිකයන් බව හඳුනා ගෙන තිබේ.

පසුව ඔවුන් දෙදෙනා පැමිණි එම ගල්ෆ් එයාර් ගුවන් යානයෙන්ම, අලුයම 5.15ට යළිත් බහරේනයේ අබුඩාබි බලා පිටුවහල් කර හැරීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීහූ පියවර ගත්හ.

කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක සුජීව රත්නායක මහතාගේ අධීක්ෂණය මත ප්‍රධාන ආගමන - විගමන නිලධාරි ජී.එල්. සුනිල් සහ බලලත් නිලධාරි ඩබ්ලිව්. ජී. එච්. මධුසිත් යන මහත්වරුන් මේ පිළිබඳව අවශ්‍ය අත්අඩංගුවට ගැනීම්, විමර්ශන කටයුතු සහ පිටුවහල් කිරීම් සිදු කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon