ආවා කල්ලිය පළාතට අභියෝගයක් නොවේ - යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති

  👤  3093 readers have read this article !
By mawbima 2018-09-24

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ, මුලතිව් - ශෂිකුමාර්

යාපනයේ ක්‍රියාත්මක "ආවා ගෘෘප්" කල්ලියෙන් පළාතට විශාල අභියෝගයක් නොමැති බවත් පසුගිය කාලයේ මෙම කල්ලිය ප්‍රබල වූ අවස්ථාවේදී යාපනයේ ආරක්ෂක අංශවලට දින දෙකකදී ඔවුන්ව මර්දනය කිරීමට හැකි වූ බවත් යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

සේනාංක ආඥාපතිවරයා යාපනයේ මාධ්‍යවේදීන්ට මේ බව පැවසුවේ යාපනයේ පලාලි යුද හමුදා මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
යළිත් එම කල්ලිය හෝ වෙනයම් කල්ලියක් හෝ යාපනයේදී දැඩි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ආරක්ෂක
අංශවලට ඔවුන්ව මර්දනය කිරීමට දින දෙකක් වැනි කාලයකින් හැකි වන බවද ආඥාපතිවරයා කිය.

යාපනයේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන ඕනෑම අවස්ථාවකදී යුද හමුදාව සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බැඳී සිටින බව ප්‍රකාශ කළ ආරක්ෂක සේනාංක ආඥාපතිවරයා "ආවා ගෘෘප්" කල්ලිය හෝ වෙනත් කල්ලි මර්දනය කිරීමට යුද හමුදාව කටයුතු නොකරන බවද කියා සිටියේය. පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය
විසින් එම කටයුතු සිදුකරගෙන යන බව පැවසූ මේජර් ජෙනරාල්වරයා ඒ ආරක්ෂක අංශ යුද හමුදාවේ සහාය ඉල්ලා සිටි අවස්ථාවක යුද හමුදාව සහාය ලබා දෙන බවද කියා සිටියේය.

යුද හමුදාවේ සිටින්නේ දෙමළ දේශපාලනඥයන්ගේ ආරක්ෂාවට හෝ ඔවුන්ගේ කටයුතුවලට සහාය දීමට නොවන බව ආරක්ෂක සේනාංක ආඥාපතිවරයා කියා සිටියේ යාපනයේ මාධ්‍යවේදියකු නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. යුද හමුදාව විසින් යාපනයේ හෝටල් පවත්වාගෙන යමින් මුදල් හම්බ කරන බවට ඇතැම් දෙමළ මාධ්‍ය තොරතුරු වාර්තා කොට තිබුණද යුද හමුදාව එවැනි හෝටල් පවත්වාගෙන යන්නේ මුදල් හම්බ කිරීමට නොව යාපනයට පැමිණෙන ප්‍රභූන්ට හා යුද හමුදාවේ ප්‍රයෝජනයන්ට පමණක් බවද මෙහිදී පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon