ආහාර වර්ජනය කළ දෙමළ සිරකරුවන් අට දෙනාගෙන් හතර දෙනකු රෝහලට

  👤  3140 readers have read this article !
By mawbima 2018-09-24

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් අනුරාධපුර බන්ධනාගාරයේ ආහාර වර්ජනයක නිරත දෙමළ සිරකරුවන් අට දෙනාගෙන් හතර දෙනකු 22දා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.
ඔවුන්ට ඉතා බරපතළ තත්ත්වයක් නොමැති බවත්, දින කීපයක් ආහාර හා ජලය නොගැනීම නිසා විජලන සහිත තත්ත්වයක් ඇති බව අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු කියා සිටිති.
මේ ආහාර වර්ජනයේ නිරතව සිටි දෙමළ සිරකරුවන් අට දෙනාගෙන් එක් අයකු මීට පෙර දියවැඩියා රෝගය උත්සන්න වීම නිසා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කොට යවා තිබිණි. හතර දෙනකු රෝගී වීමත් සමඟම අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීම නිසා ආහාර වර්ජනයේ නිරතව සිටින්නේ දෙමළ සිරකරුවන් තුන් දෙනකු පමණි.

එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම මත අත්අඩංගුවට ගෙන මේ අන්දමට දෙමළ සිරකරුවන් 107 දෙනකු දිවයිනේ පිහිටි බන්ධනාගාර කීපයක රඳවා සිටිති.
ඒ සියලුම දෙනා කොන්දේසි හා නඩු විභාග නොමැතිව නිදහස් කරන ලෙස ඉල්ලා අනුරාධපුර බන්ධනාගාරයේ දෙමළ සිරකරුවන් අට දෙනකු විසින් ආහාර වර්ජනයක් ආරම්භ කළේ පසුගිය 7 වැනිදාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon