මාළු ටැංකියේ වහලේ කසිප්පු හැංගූ කත අත්අඩංගුවේ

  👤  3153 readers have read this article !
By mawbima 2018-09-24

කැලණිය - කුසුම් එස්. හැන්නදි

ජීවනෝපාය පිණිස නීති විරෝධී මත්පැන් අලෙවි කරන කාන්තාවක් පිළිබඳ සපුගස්කන්ද පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගෝනවල ප්‍රදේශයේ නිවෙසක් 19දා සෝදිසියකට ලක්කළ සපුගස්කන්ද පොලිසිය නිවෙසේ ආලින්දයේ වීදුරුවලින් සකස් කරන ලද මාළු ටැංකියක වහලේ අලෙවි කිරීමට සූදානම් කොට සඟවා තිබූ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 7500ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. මාළු ටැංකියේ වහලයේ ඉතා සූක්ෂ්ම අන්දමින් සඟවා තිබූ මෙම මත්පැන් තොගය පොලිස් භාරයට ගෙන ඇති අතර එහි හිමිකාරිය බව කියන 44 හැවිරිදි කාන්තාව පොලිස් ඇප මත මුදාහැර තිබේ. 29දා මහර අධිකරණයේ පෙනී සිටින ලෙස ඇයට නියෝග කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon