බීමත්ව පුතා කළ පහරදීමකින් වයෝවෘද්ධ පියා මියයයි

  👤  3165 readers have read this article !
By mawbima 2018-09-24

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ,

තමන්කඩුව - ගාමිණී ඔබේසේකර, හිඟුරක්ගොඩ _ ප්‍රියා

ඉඩම් පලහිලව්වක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් පෙරේදා (22දා) රාත්‍රියේ අධික ලෙස බීමතින් සිටි පුතකු සිදුකළ පහරදීමකින් සිය වයෝවෘද්ධ පියා ඝාතනය වී ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.

මෙසේ ඝාතනය වී ඇත්තේ පොළොන්නරුව, පළුගස්දමන, අංක 204හි පදිංචිව සිටි වීරසිංහ ගෙදර හීන් බණ්ඩා (69) යන අයයි.

පොලිසිය පවසන අන්දමට පෙරේදා (22දා) සවස 6.00ට පමණ අධික ලෙස බීමත්ව සිටි පුතකු ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති කරගත් වචන හුවමාරුව දුරදිග ගොස් බීමත් පුතා පියාට පහර දී තිබේ. පහරකෑමට ලක්වූ පියා දැඩි සේ රෝගාතුරව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රාත්‍රි 9.00ට පමණ මියගොස් ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුතා අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
වැඩිදුර පරීක්ෂණ පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මූ.පො.ප. එම්.එස්.එම්. ජරූල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon