පරෙවියන් ඇල්ලීමට ගොඩනැඟිල්ලකට නැඟුණු පාසල් සිසුවකු ඇදවැටී මියයයි

  👤  3114 readers have read this article !
By mawbima 2018-09-24

හලාවත - ප්‍රසාද් පූර්ණමාල්

පරෙවියන් ඇල්ලීමට ගොස් තට්ටු දෙකක පාසල් ගොඩනැඟිල්ලකින් ඇද වැටීමෙන් දහතුන් හැවිරිදි පාසල් සිසුවකු මියයෑමේ සිදුවීමක් උඩප්පුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පෙරේදා 22දා, පස්වරු 06.40ට පමණ මේ අනතුර සිදුවීමෙන් මියගොස් ඇත්තේ උඩප්පුව දෙමළ මහ විදුහලේ ඉගෙනුම ලැබූ තිවන්කන් නමැති සිසුවෙකි. මේ සිසුවා තවත් සිසුන් පිරිසක් සමඟ පරවියන් ඇල්ලීම සඳහා පැමිණ ඇත. එහදී මේ සිසුවා පරෙවියන් ඇල්ලීම සඳහා ගොඩනැඟිල්ලේ ඉහළට නැඟ ඇති අතර එහිදී පය ලිස්සා යෑම හේතුවෙන් මේ අනතුර සිදුව තිබේ. මේ සිසුවා මාස හතරක පමණ කාලයක සිට පාසල් ගමනද නතර කර ඇති අතර පාසල් බලධාරීන් මේ පිළිබඳවද නිවෙසට ගොස් මවුපියන්ද දැනුවත් කර තිබේ. මේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීකෂණය
හලාවත මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
උඩප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon