වල් උෟරු මස් ප්‍රවාහනය හා අලෙවි කිරීමේ තහනම ඉවත් කරන්න යයි

  👤  3247 readers have read this article !
By mawbima 2018-09-24

ආරියරත්න ගනේගොඩ

වල් උෟරු මස් ප්‍රවාහනය කිරීම සහ අලෙවි කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. වල් උෟරන්ගෙන් කෘෂි බෝගවලට සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවද සඳහන්ය.

පවතින නීතියට අනුව වල් උෟරන් මරණයට පත් කිරීම තහනම් නොවූවද මස් ප්‍රවාහනය කිරීම සහ අලෙවි කිරීම තහනම්ය. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නිමිතය. වන සතුන්ගෙන් වන වගා හානියෙන් වැඩිම වගා හානියක් සිදුවන්නේ වල් උෟරන්ගෙන් බවට සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වීමත් සමඟ පෙර පැවැති නීතිය සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති උපදේශක සජීව චාමිකර මහතාගෙන් 'මව්බිම' කළ විමසීමකදී ඔහු කියා සිටියේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව ලංකාවේ සිටින ආරක්ෂිත නොමැති ක්ෂීරපායීන් පස් දෙනා අතරට වල් උෟරා අයත්වන බවයි. වල් උෟරා, ඉත්තෑවා, හාවා, අළු වඳුරා සහ රිළවා මෙම අනාරක්ෂිත
ක්ෂීරපායින් අතරට අයත් වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon