කිලිනොච්චියේ වැසියන්ට අයත් ඉඩම් ගොවිපොළවල් සඳහා යොදා ගැනීමට එරෙහිව උද්ඝෝෂණයක්

  👤  3109 readers have read this article !
By mawbima 2018-09-24

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චියේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් අක්කර 250ක් පමණ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ ගොවිපොළවල් සඳහා යොදා ගෙන තිබීමට එරෙහිව පළාතේ වැසියෝ 19දා විරෝධතාවක නිරත වූහ.
විරෝධතාවට විශාල පිරිසක් සහභාගි වූ අතර එය මර්දනය කිරීමට පොලිසිය ගිය අවස්ථාවේදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර ඉතා උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබිණි.
විරෝධතාවට එක්වූවන් පැවැසුවේ කිලිනොච්චිය ආරක්ෂක අංශ සතුව තිබූ ඉඩම් නිදහස් කිරීමෙන් අනතුරුව අදාළ ඉඩම්වල සිවිල් ජනතාව පදිංචිව ඇති අතර අදාළ ප්‍රදේශ නැවත වතාවක් සිවිල් ආරක්ෂක බළකාය වෙත පවරා ගැනීමේ සූදානමක් පවතින බැවින් ඊට විරුද්ධත්වය පාමින් තමන් විරෝධතාවයේ නිරත වන බවයි.

එහිදී පොලිස් නිලධාරීන් පැවැසුවේ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් හා ප්‍රාදේශීය ලේකම්වරයා අතර සාකච්ඡාවකින් අනතුරුව ගැටලුවට තාවකාලික විසඳුම් ලබාදී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ශාන්තිපුර ප්‍රදේශවාසීන් පැවැසුවේ අක්කර 250ක පමණ ප්‍රමාණයක් සිවිල් ආරක්ෂක බළකාය වෙත පවරාගැනීමේ සූදානමක් පවතින අතර ඉඩම් කොටසක් මේ වන විටත් පවරාගෙන ඇති බවත් තමන් ඊට දැඩි ලෙස විරුද්ධ බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon