මරදමඩු ඓතිහාසික දේවස්ථානයට අලුතින් පත් වූ පියතුමා සාදරයෙන් පිළිගනී

  👤  3116 readers have read this article !
By mawbima 2018-09-24

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මන්නාරම ඓතිහාසික මරදමඩු දේවස්ථානයට අලුතින් පත්වූ භාරකාර ජෙසී සෝසෙයි පියතුමන්ගේ වැඩ භාර ගැනීමේ උළෙල යුද හමුදාව විසින් පළාතේ කිතුනු බැතිමතුන්ගේ සහාය ඇතිව සිදු කරන ලදී.
වන්නි ආරක්‍ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මත මෙම උළෙල සංවිධානය කරන ලද්දේ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීම, ආගම් අතර සහයෝගිතාව වර්ධනය කරවීම හා යුද හමුදාවත්, සාමාන්‍ය දෙමළ ජනතාවත් අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැඟීම යන අරමුණු සපල කරගැනීම පිණිසය.

එහිදී අලුතින් වැඩ භාරගන්නා ලද නව පාරිපාලක පියතුමන් වන ජෙසී සෝසෙයි පියතුමාණන් විසින් ආරක්‍ෂක සේනා වන්නි ආඥාපතිතුමන් ඇතුළු සියලු නිලයන්ට සෙත්පතා විශේෂ දේව මෙහෙයක් පවත්වන ලදී. නව පරිපාලන පියතුමන් පිළිගැනීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වන්නි ආරක්‍ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, 61 වැනි සේනාංකයේ සේනාංකාධිපති බි්‍රගේඩියර් කේ.ඩී.සී.ජී.ජේ. තිලකරත්න, 613 බළසේනාධිපති කර්නල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන යන මහත්වරුන් හා ජේ‍යෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු ප්‍රදේශවාසී කිතුනු බැතිමතුන් බොහෝ පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon