ඩෝසර් කරන ලද නටබුන් පුරාවස්තුවලට අයත් නොවේ

  👤  3120 readers have read this article !
By mawbima 2018-09-24

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චියේ ඩිපෝ හන්දියේ චන්ද්‍ර උද්‍යානය අසල පිහිටි නටබුන් පුරාවස්තුවලට අයත් නොවන බවට පුරාවිද්‍යා නිලධාරීන් තීරණය කොට තිබේ.
මේ ස්ථානයේ පිහිටි නටබුන් සහිත බැම්මක් කිලිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් විසින් පසුගිය 16 වෙනිදා ඩෝසර් කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රීධරන් මහතාගේ ඉල්ලීමක් මතය.

මේ සම්බන්ධයෙන් විශාල විරෝධයක් ඉල්ල වීමෙන් පසුව පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් 20දා කිලිනොච්චියට ගොස් ඩෝසර් කරන ලද බැම්මේ ගඩොල් ඇතුළු කොටස් වෙන වෙනම පරීක්ෂාවට ලක් කොට තිබේ. ඒ අනුව පුරාවිද්‍යා නිලධාරීන් නිගමනය කොට ඇත්තේ එම බැම්ම පුරාවස්තුවලට අයත් බැම්මක් නොව යුද ජයග්‍රහණයෙන් පසුව එය සැමරීම පිණිස ඉදිකරන්නට ගිය ස්මාරකයක කොටසක් බවයි.
එම බැම්ම ඉදිකිරීමට යොදා ගෙන ඇති ගඩොල් හා බදාම ලංකාවේ සාමාන්‍ය කටයුතු සඳහා භාවිත කරනු ලබන ඒවා බවට පුරාවිද්‍යා නිලධාරීන් තහවුරු කොට ඇත. මේ බැම්ම ඩෝසර් කිරීමෙන් පසුව ශ්‍රීධරන් මන්ත්‍රිවරයා "සිංහල යුද ඉතිහාසය ඉවරයි" යනුවෙන් පවසන ලද්දේ මේ බැම්ම යුද ස්මාකරයක් වූ නිසා විය හැකි යැයි බොහෝ පිරිස් කියා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon