අරණායකදී 'ගම්පෙරළිය' ගැන කියන්න ගිහින් උණුසුම් තත්ත්වයක්

  👤  3239 readers have read this article !
By mawbima 2018-09-24

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පෙරේදා (22දා) සහාභාගිවූ රැස්වීමකදී එජාපයේ ගැටලු තත්ත්වයන් දෙකක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හට ගත් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ අවස්ථාවේ හටගත් තවත් කතාබහක් දුර දිග ගොස් එය ගැටුමක් බවට පත් වී අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරියකද එදින රෝහල් ගතව ඇත.
එක්සත් ජාතික පක්ෂය මඟින් සංවිධානය කර තිබූ ගම්පෙරළියෙන් පොහොසත් රටක් සම්මන්ත්‍රණ මාලාව 2018 සම්මන්ත්‍රණ දෙකක් මාවනැල්ල විනස් ශාලාවේදී සහ අරණායක කොට්ටාස වෙනුවෙන් අරණායක උස්සාපිටිය අරුණ ශ්‍රී රඟහලේදී පැවැත්විය.

අරණායක කොටසේ රැස්වීම් අවසන් වූවායින් පසුව එජාපයේ සංවිධායක නවීන් දිසානායක මහතා පිටව යෑමට සූදානම් වන අවස්ථාවේ පසුගිය පළාත් පාලන ඡන්දයට අරණායක ගංතුන නාරංගල ප්‍රදේශවලින් එජාපයෙන් තරග කරන ලද තුසිත අබේරත්න හා චමින්තා ගුණරත්න නවීන දිසානායක මහතාට ඔවුන්ට පක්ෂය විසින් සිදුකරනු ලැබූ ඇති ගැටලුදායක තත්ත්වයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට කරුණු දක්වා ඇත.
එහිදී අරණායක එජාපයේ ප්‍රධාන සංවිධායක නිමල් ජයසිංහ මහතා ද එහි සිට ඇති අතර මෙම කරුණු පැහැදිලි කිරීමේදී නිමල් ජයසිංහ මහතා විසින් සිදු කරන ලද කතාවක් හේතුවෙන් එහි උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇත. පසුව අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගිය පසුවද මෙම කතා බහා දුර දිග ගිය බව වාර්තා වෙයි. මෙම රැස්වීමේ තවත් සිද්ධියක් සිදුවී ඇති අතර නවීන් දිසානායක අමාත්‍යවරයා පිටව ගිය පසු රැස්වීමට සහභාගිවූ පිරිසට දිවා ආහාරය බෙදා දෙන අතරවාරයේ අරණායක එජාපයේ මන්ත්‍රි දෙදෙනෙක් අතර සිදුවූ බහින් බස් වීමකදී මන්ත්‍රිවරයා විසින් මන්ත්‍රිවරියට කෑම පැකට්ටුවකින් ගැසීම නිසා ඇය එදින අරණායක දිසා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත. ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම ගැටලුවද ඇති වී තිබුණේ අමාත්‍යවරයා පිටව ගිය පසුව බවද පැවසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon