උ.පෙළ - සා.පෙළ විභාග දෙකම එකවර පැවැත්වීමට යෑම ප්‍රායෝගික නෑ

  👤  3125 readers have read this article !
By mawbima 2018-09-24

ලංකා ගුරු සේවා සංගම

අනුරාධා හේරත්

අ.පො.ස සා/පෙළ හෝ උ,පෙළ විභාග දෙකින් එක් විභාගයක්වත් නිවැරැදිව පවත්වා ගත නොහැකි ආණ්ඩුව මෙම විභාග දෙකම එකවර පැවැත්වීමට යෑම කිසිසේත්ම ප්‍රායෝගික නැතැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විභාග දෙකම එක දිනයක් තුළ පැවැත්වීමට තීරණය වූයේ කුමන වාර්තාවක් පදනම් කරගෙන දැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් විමසයි.

එවැනි තීරණයක් ගත්තේ නම් ඊට පෙර අධ්‍යාපනවේදීන්, අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් හා අධ්‍යාපන වෘත්තීය සමිති සමඟ පුළුල් සාකච්ඡාවක් කළ යුතු නමුත් එවැනි දෙයක් සිදු වී නොමැති බවද ජයසිංහ මහතා කීය.
එමෙන්ම ඔහු තවදුරටත් ප්‍රශ්න කළේ ඇතැම් අවස්ථාවල උසස් පෙළ හදාරන සිසුන් සාමාන්‍ය පෙළ ඇතැම් විෂයන්වලටද පෙනී සිටින අතර ඔවුන් වෙනුවෙන් ගන්නා වැඩපිළිවෙළ කුමක්ද යන්නයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon