ශ්‍රී ලනිප නව ආසන සංවිධායකවරුන්ට ජනපති අතින් පත්වීම්

  👤  3183 readers have read this article !
By mawbima 2018-09-24

රුචිර දිලාන් මධුශංඛ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපතිවරුන් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් පිරිසක් පසුගිය සිකුරාදා (21දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් පත්වීම් ලබාගත්තේය.

ඒ අනුව මැද කොළඹ ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ෆයිසර් මුස්තාපා පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පළාත් සභා මන්ත්‍රි හෙක්ටර් බෙත්මගේ සහ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස පත්කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ මතුගම ආසනයේ සම සංවිධායකවරුන් ලෙස සුමිත්‍රා ප්‍රියංගනී සහ සුරංග ප්‍රෂාන් හිදැල්ලආරච්චි පත්කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ හබරාදුව ආසනයේ සංවිධායකවරයා ලෙස තිසර ගුණසිංහ පත් කර ඇති අතර එම ආසනයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙසද ඔහු පත් කර තිබේ.

එන්.ඩී. සුසන්ත ලාල් ජයවීර කරන්දෙණිය ආසනයේ සංවිධායකවරයා ලෙස සහ එම ආසනයේ සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත් කර ඇත.

බෙන්තර/ ඇල්පිටිය ආසනයේ නව සංවිධායකවරයා ලෙස අමිල හර්ෂණ කාරියවසම් පත්කර ඇති අතර ඔහු බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසද පත්කර තිබේ.
වෛද්‍ය කීර්ති ෆොන්සේකා යාපහුව ආසනයේ සංවිධායකවරයා ලෙස සහ එහි සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙසද පත්කර ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පකෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක ලෙස සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කර ඇති අතර ඊට අමතරව ඔහු පන්නල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ලෙසද පත්කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කර ඇත. රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කර තිබේ. හිටපු පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස සහ රත්නපුර ආසනයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත් කර ඇත.
ඊට අමතරව මුන්දලම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස ඒ.එච්.එම්. නාහීර් පත් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon