මගේ පියා අනුරාධපුරය ශ්‍රී ලනිප බලකොටුවක් කළා - වාරිමාර්ග සහ ජලසම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක

  👤  3288 readers have read this article !
By mawbima 2018-09-24

2018 සැප්තැම්බර් 27 වැනි දිනට බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමාගේ පස් වැනි ගුණ අනුස්මණය යෙදී තිබේ. ඒ නිමිති කොටගෙන බර්ටි ප්‍රේමලාල් මහතාගේ පුතු වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක සමඟ සිදුකරන ලද සංලාපයකි.

මුලින්ම ඔබගේ පියාගේ දේශපාලන ගමන් මඟ ගැන සිහිපත් කරමු?

තාත්තා මුලින්ම දේශපාලනය පිවිසෙන්නේ 1989 වසරේදී විපක්ෂයේ මන්ත්‍රිවරයකු හැටියටයි. මුලින්ම සංවිධායකකම ලබාගන්නේ 1983 වසරේදීයි. 1989 දේශපාලන වාතාවරණය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බොහොම අසීරු තත්ත්වයක්. ජනතා විමුක්ති පෙරමුණේ, එක්සත් ජාතික පක්ෂයේ ආදී සියලු බලපෑම් මැද්දේ ශ්‍රී ලනිපයට තුන්දෙනකු පාර්ලිමේන්තුවට පත් වෙනවා. මගේ පියාත්, ජනක් මහේන්ද්‍ර අධිකාරිත්, කේ.බී. රත්නායක මැතිතුමාත් 1989 වසරේදී පාර්ලිමේන්තුවට පත් වුණේ. ඒ පියාගේ දේශපාලන ගමනේ ආරම්භය නෙවෙයි පාර්ලිමේන්තු ගමනේ ආරම්භය.

1983 වසරේදී තාත්තා කලාවැව ආසනයේ ආසන සංවිධායක ධුරයට මුලින්ම පත් වුණා. ඊට කලිනුත් ක්‍රියාකාරි යෙදී සිටියා. තාත්තා දේශපාලනය ආරම්භ කළේ කැකිරාවෙන්. පක්ෂයේ ශාඛා සමිතියේ ලේකම් හැටියට තාත්තා දේශපාලනය කළේ. එහිදී තාත්තාට දේශපාලනය කිරීම නිසා තමන්ට හිමි දේපොළ පවා අහිමි කළා එක්සත් ජාතික පාක්ෂිකයන් විසින්.
ශ්‍රී ලනිපයට ලැබුණු බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ දායකත්වය කොයි වගේද?

පියාගේ දේශපාලන ගමන්මඟ ආරම්භ වීමෙන් පසුව 1994 ශ්‍රී ලනිපය ආණ්ඩුවක් පිහිට වූයේ. 1994 වෙනතුරුම අනුරාධපුර දිස්ත්‍රික්කයේ එජා පක්ෂයේ බලාධිකාරයක් තමයි තිබුණේ. ඒ දවස්වල ශාඛා සමිතියක් පිහිටුවන්න බැහැ. රැස්වීමක් තියන්න බැහැ. නිල්පාට කමිසයක් ඇඳගෙන යන්න බැහැ. නිල්පාට තොප්පියක් දාගෙන යන්න බැහැ. එවැනි වකවානුවක තමයි තාත්තා 89දී මන්ත්‍රිවරයකු බවට පත්වෙලා 94 වෙනකොට ඒ සියල්ලම අනිත් පැත්ත හර වන්නේ. එදා තිබුණු එජාපයේ බලයට එරෙහිව තාත්තා සටන් කළා. 1994 වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කය ශ්‍රී ලනිපයේ බලකොටුවක් බවට පත්වෙනවා. එතැනින් පසුව ඊළඟට පැවැත්වුණු සෑම මැතිවරණයකදීම අනුරාධපුරය ශ්‍රී ලනිපයේ බලකොටුවක් හැටියට තමයි ලංකාවේ හැමෝම තීන්දු කරන්නේ. ඒ නිසා තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ මැතිතුමා සෑම මැතිවරණයක් පවත්වනකොටම පළමු වැනි රැස්වීම අනුරාධපුරයේ පැවැත්වූයේ. පළාත් සභාවක් විසිරෙව්වා නම් මුලින්ම විසිරෙව්වේ උතුරු මැද පළාත් සභාව. අනුරාධපුරයේ ජයග්‍රහණයත් එක්ක තමයි රටේම ජයග්‍රහණය බලාපොරොත්තු වුණේ. මගේ පියාට හැකියාව ලැබුණා ශ්‍රී ලනිපයට එවැනි නායකත්වයක් දෙන්න.

ඔබේ පියා කළ සංවර්ධන වැඩ ගැන කතා කළොත්?

තාත්තා අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් කර තිබෙනවා. වැව, පාර, පාසල, පෙර පාසල, රෝහල ආදී මේ සියලුම සංවර්ධන කටයුතු කිරීමට තාත්තාට හැකියාව ලැබුණා. තාත්තා පළාත් සභාවට යන්නේ 1999දීයි. ඒ මැතිවරණයේදී මගේ අම්මා තමයි අපේක්ෂකයා හැටියට ඡන්දය ඉල්ලන්නේ. ඒ කාලයේ තාත්තා හිටියේ පාර්ලිමේන්තුවේ. අම්මා මහ ඇමැතිවරිය බවට පත්වෙලා හිටියා. අම්මා ඉල්ලා අස්වෙලා තාත්තා මහ ඇමැතිවරයා බවට පත්වෙනවා. තාත්තාට විශේෂ ඕනෑකමක් තිබුණා පළාතට යමක් කරන්න ඕනෑ කියලා. 1999 වසරේදීත් මහ ඇමැති වෙලා සිටින කොට 2000 වසරේ පාර්ලිමේන්තු ඡන්දයට එන්න කීවා තාත්තාට. පළාතේ ඇමැතිවරයා වන පළාත අමතක කොට පාර්ලිමේන්තුවට යන්න බෑ කීවා තාත්තා.

අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකින්න පේන්න දෙයක් තියෙනවා නම් ඒ තාත්තා කරපු දේවල්. ඉතාමත් දුෂ්කර පාසල්වලට පරිගණක ලබාදීලා, දහම් පාසලේ සිට පෙර පාසල තෙක් අධ්‍යාපනය නඟාසිටුවන්න තාත්තාට වුවමනාවක් තිබුණා. තාත්තාගේ තේමා පාඨය තිබුණේ උතුරු මැද පළාතේ දරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නැත කියලයි. අනුරාධපුරේ ඉන්නේ බයියෝ කියලානේ වහරට කීවේ. කැත්ත, උදැල්ලෙන් මිස අනුරාධපුරේ ළමයින්ට අනාගතයක් නෑ කියන සිතිවිල්ල නැති කර අධ්‍යාපනයෙන් අනාගතය දියුණු කරන්න තාත්තාට වුවමනාවක් තිබුණා.
පූර්ව ළමාවිය අධිකාරියක් පත්කර උතුරු මැද පළාතේ පෙර පාසල්වලට ප්‍රමිතියක් හදන්නේ තාත්තාගේ මූලිකත්වයෙන්.

රඹාව, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවියට ජලය ලබා දීමේ ජයිකා ව්‍යාපෘතිය තාත්තා 2013 වසරේදී ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කළා. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ දැන්. ලංකාවට බඩඉරිඟු තාමත් ආනයනය කරනවා. තාත්තාට වුවමනාවක් තිබුණා බඩඉරිඟු අක්කර ලක්ෂයක වගා කරලා බඩඉරිඟුවලින් ලංකාව ස්වයංපෝෂිත කරන්න. ඒ වැඩසටහනේ සම්පූර්ණ ගෞරව හිමි වෙන්නේ තාත්තාට.
ගුණානුස්මරණය නිමිතිකොට ගෙන පැවැත්වෙන වැඩසටහන් මෙනවාද?

සැප්තැම්බර් 26 වැනිදා ධර්ම දේශනයක් සහ 27 වැනිදා දානමය පින්කමක් පවත්වනවා අනුරාධපුර මහ ගෙදර. මේ මාසයේ 27 වැනිදා සිට ලබන මාසේ 27 වැනිදා දක්වා පින්කම් රාශියක් පැවැත්වීමට නියමිතයි. පාසල් දරුවන් 1000ක් වෙනුවෙන් පාසල් පොත්පත්, සපත්තු ලබාදීම, ඒ වගේම වකුගඩු රෝගීන් සඳහා වතුර පෙරණ ලබාදීම, ආර්ථිකය ඉතාම අපහසු පවුල් 50ක් තෝරාගෙන නිවාස හදාදීම, අසූහාරදාහේ පහන් පින්කමක් පැවැත්වීමත් පෝය දිනයේදී සිල් සමාදන් වන වැඩිහිටියන්ට පුංචි පොත් පිංචක් ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. වැඩිහිටි නිවාසයට, සිරගෙදරට දානයක් දීම ආදී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
තාත්තා අභාවප්‍රාප්ත වුණු දිනය වන 27දා සිහිපත් කරමින් සෑම මසකම 27 වැනිදාට විචිත්‍රවත් ධර්මදේශනාවක් හා දානමය කටයුත්තක් කරනවා. මේ වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාම ආවරණය කරමින් පවත්වනවා.
තාත්තට මහ ඇමැතිකම නොලැබුණු නිසාද ඔබ මහින්ද රාජපක්ෂගෙන් අෑත් වෙන්නේ?

මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක කිසිම පෞද්ගලික අමනාපයක් මගේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවතාවක් ජනාධිපතිවරයා බවට පත්වෙලා ඉන්න කොට එතුමාගේ ඊළඟ පියවර මොකද්ද කියලා අපිට තේරුණා. තුන් වැනි වරටත් ජනාධිපති ධුරයට ඒමට උත්සාහ කළා. පවුලට විතරයි සැලකුවේ. කුමාර වෙල්ගම මැතිතුමා මේ ළඟදි කර තිබුණු ප්‍රකාශය තමයි ඇත්තම කතාව. පක්ෂයේ ජේ‍යෂ්ඨයන්ට සලකන්නේ නැතුව තමන්ගේ පවුලට සලකන තත්ත්වයක් එදා තිබුණා. අවුරුදු තුනකට පස්සේ කුමාර වෙල්ගම මැතිතුමා ඒ පාපෝච්චාරණය කළා. ශ්‍රී ලනිපයට ඒ විදියට හැසිරෙන්න වුවමනාවක් තිබුණේ නෑ.

මාධ්‍ය නිදහස තිබුණේ නෑ. ජනතාව කතා බහ කළේ පවා බයෙන්, ඒ විදියට හැමෝම මිරිකිලා හිටියේ. ඒ මිරිකුණු ජනතාවට සහනක් දෙන්නයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ යන ක්‍රමවේදය වෙනස් කළ යුතුයි කියලා තීන්දුව ගත්තේ.
ඒ ඇර තාත්තාට මහ ඇමැතිකම ලැබුණද නැද්ද කියන කාරණයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.
එහෙත් එතුමා පාර්ලිමේන්තුව අතහැර පළාත් සභාවට ආවේ. ඔබ ගත් තීරණයෙන් ශ්‍රී ලනිපයට යහපතක් වුණා කියලා හිතනවාද?

අපිට අවශ්‍යව තිබුණේ ශ්‍රී ලනිපය මේ කියන පවුල් වාදයෙන් අයින් කරගන්න. ඒ වගේම රටේ තිබුණේ ඒකාධිපති නායකත්වයක්. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ කියන මේ සියලු දෙනාම පාර්ලිමේන්තුවේ හිටියා. අය වැයෙන් 50%ක් තිබුණේ ඔවුන් ළඟ. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ තව පිරිසක් එළියට බහින්නේ ශ්‍රී ලනිපයෙන් අෑත් වෙලා නෙවෙයි. මේවාට විරුද්ධවයි.
එදා බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා වැනි පිරිස් එක්ව ශක්තිමත් කළ ශ්‍රී ලනිපය අද තියෙන තත්ත්වය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ඉන්නේ අතරමං වෙලා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලනිපයේ සභාපති වෙන්නේ 2015 ජනවාරි මාසේ 8 වැනිදායින් පසුවනේ. හැබැයි අපි මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්කයි අවුරුදු 10ක් හිටියේ. මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි අවුරුදු දහයේ අපි ශ්‍රී ලනිපය ගැන වචනයක්වත් කතා කළේ නෑ. හැම තිස්සෙම කතා කළේ මහින්ද චින්තනය, මහින්ද රාජපක්ෂ ආදිය ගැනයි. ශ්‍රී ලනිප පාක්ෂිකයාව පක්ෂයට වඩා පුද්ගල බැඳියාවක් ඇති කළ නිසා අද පාක්ෂිකයා අතරමං වෙලා මහින්ද රාජපක්ෂද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද කියලා.

අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට මේ තත්ත්වය අවබෝධ වෙමින් පවතිනවා. පසුගිය පළාත් පාලන මැතිවරණය වෙලාවේ පොහොට්ටුවේ කණ්ඩායම පාවිච්චි කළේ මහින්ද රාජපක්ෂගේ ෆොටෝ එකනේ. ගමේ කොට්ඨාසේ අපේක්ෂකයා ඉන්නකොට ගමේ ගැහුවේ මහින්ද මහත්තයා ඡන්දේ ඉල්ලනවා වගේ මහින්ද රාජපක්ෂගේ ෆොටෝ එකයි. ශ්‍රී ලනි පාක්ෂිකයාට තාම තේරෙන්නේ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවත ජනාධිපතිවරයා වෙන්න පුළුවන්කමකුත් නෑ, අගමැතිවරයා වෙන්න පුළුවන්කමකුත් නෑ කියලා. මට කලින් ලංකාවේ ළාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වුණේ. එදා ළාබාලම මන්ත්‍රිවරයා වෙලා ජනාධිපතිවරයා දක්වාම ආවා නම් එතුමාට අද වටින්නේ ජේ‍යෂ්ඨයකු විදියට, නායකයකු විදියට අපිට ගුරුහරුකම් දෙන එක මිසක්, තවත් අපේ කෙනකුගේ මන්ත්‍රි ධුරයක් නැති කරන එක නෙවෙයි පාර්ලිමේන්තුවට ඇවිත්.
ඔබ දේශපාලනයට එන්නේ පියා ගිය පාර දිගේ. පවුල් දේශපාලනයට ඔබ විරුද්ධ නැද්ද?

නැහැ. මේ රටේ වෛද්‍යවරයාගේ පුතාට වෛද්‍යවරයකු වෙන්න පුළුවන් නම් ඉන්ජිනේරුවාගේ පුතාට ඉන්ජිනේරුවකු වෙන්න පුළුවන් නම් දේශපාලනඥයකුගේ දරුවකුත් දේශපාලනඥයකු වීමේ වැරැද්දක් නෑ. ඒත් මෙහි තිබෙන ප්‍රශ්නය තමයි පවුලෙන් එන බලය බලහත්කාරයෙන් ලබා ගන්න එක වරදක්. 2000 වසරේදී ළාබාල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා බවට මා පත්වෙනකොට මට පියාගේ හයිය තිබුණා. හැබැයි මම මේ වෙනකම් පාර්ලිමේන්තුවේ අපරාජිත මන්ත්‍රිවරයකු ලෙස ඉන්නවා. මේකේදී කියන්න බෑනේ මේ පවුල්වාදය කියලා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාත් ඡන්දයෙන් තේරී පත් වුණේ. ඔහුටත් එහෙම කියන්න පුළුවන් නේද?

අපි දැක්කනේ ඉන්දියාවේ ගිහින් මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා නාමල්ට තවම වයස මදි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය තමන්ගේ පවුලටම බලය ලබා ගන්න. 2018 වසරේදීත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට කතා කරන්නේ බැසිල්, ගෝඨාභය, රාජපක්ෂලා ගැන. වාසු ගැන, දිනේෂ් ගැන, කුමාර වෙල්ගම ගැන නායකත්වය සඳහා කතා කරන්නේ නෑ. මේ වෙනස ඇති කරන්න තවමත් එතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ නෑ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon