නැට්ටුක්කාර පොලිස්පති තනතුරෙන් ඉවත් කළ යුතුයි

  👤  3393 readers have read this article !
By mawbima 2018-09-24

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය ජාත්‍යන්තර බලවේග හෝ ආණ්ඩුවේ ඉහළින්ම සැලසුම් කරන්නට ඇතැයි සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත් පැවැසීය.

නැට්ටුක්කාර පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කර මධ්‍යස්ථ පොලිස්පතිවරයෙක් පත්කරන්නැයි ඉල්ලා සිටින බවද මන්ත්‍රිවරයා ස¼දහන් කළේය.
බත්තරමුල්ල, නෙලුම් මාවතේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත්

අද ශ්‍රී ලාංකාවේ පොලිසිය විහිළුවකට ලක්වෙලා. නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, ජනපති ඝාතන කුමන්ත්‍රණය හෙළි කළ නාමල් කුමාරට ආරක්ෂාවක් නැහැ. පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කරනවා අවශ්‍ය ආරක්ෂාව ඔහුට ලබාදෙන ලෙසට.

ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නට සති දෙකක් ලබාදී තිබියදී අගමැතිවරයා එය ප්‍රතික්ෂේප කරනවා. පොලිස්පතිවරයා ආරක්ෂා කිරීම එ.ජා.ප. වුවමනාව බව එමඟින් හෙළිවෙනවා. මේ අතරේ දේශපාලන පළිගැනීම් කියලා පොලිසියේ 50 දෙනකුට උසස්වීම් දීලා. එ.ජා.ප. හිතවාදී පොලිස් නිලධාරීන්ට තරු ඔටුනු පලඳවා මේ සැරසෙන්නේ මොකටද කියලා අපි දන්නවා.
උසස් වීම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න කියලා අපි ඉල්ලනවා. ත්‍රස්ත විමර්ශන ඒකකයේ ස්නයිපර් ගන් එකක් නැති වෙලා. නීතිය හා සාමය ඇමැතිවරයාගෙන් මේ ගැන විමසූ විට ඔහු කියනවා පැමිණිල්ලක් කරන්න කියලා. ගෙදරකට හොරු පැන්නම අල්ලපු ගෙදර මනුස්සයාගෙන් පැමිණිල්ලක් ඉල්ලනවා වගේ දෙයක් මෙය. මෙම අවිය අතුරුදන් වීම නිසා ජනාධිපතිවරයාට, ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් නොවෙයි සමස්ත ජනතාවගේම ජීවිතවලට තර්ජනයක් එල්ල වෙලා.

අද වන විට ඩොලරය 170ට ආසන්නයි. අහිංසක ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. කන්න 04ක් වගා කරලා නැහැ. ගොවි පවුල් මුරුංගා කොළ තම්බලා කාලයි ජීවත් වෙන්නේ. ආණ්ඩුවේ ඇමැතිවරුන් රුපියල අවප්‍රමාණ වීම ගැන විහිළු සපයනවා. ඒක ඉන්දියාව හා සම කරනවා.

මහින්ද රාජපක්ෂ යුගයේ යුද්ධය තිබිලත් මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. අද මුළු රටම දරුණු ආර්ථික අර්බුදයකට ලක්වෙලා ආණ්ඩුවට වගේ වගක් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක

පොලිස්පතිවරයාත්, නීතිපතිවරයාත් අද පාර්ලිමේන්තු මන්ත්‍රි සිහිනයකයි ඉන්නේ. ඒ දෙන්නා කරන දේවල්වලින් එය හිතාගන්න පුළුවන්. ඔවුන් අගමැතිවරයා පුම්බන්න හදන හැටි රටම දන්නවා. ජනපති ඝාතන කුමන්ත්‍රණය තුළින් මේ සියල්ල හෙළි වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ
ආණ්ඩුවේ හැම නායකයෙක්ම හිටපු ජනපතිටයි ඒ ආණ්ඩුවටයි මඩ ගහන එක හැර වෙන දෙයක් කරන්නේ නැහැ.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon