නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට නීතිපතිගෙන් උපදෙස් විමසයි

  👤  3202 readers have read this article !
By mawbima 2018-09-23

දෙනගම ධම්මික රණවීර

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් විමසා ඇති බව මැතිවරණ කොමිසම විසින් දැනුම්දුන් බව එක්සත් ලංකා මහජන පක්ෂයේ නායක නිහාල් ප්‍රේමකුමාර මහතා පැවැසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගයක් පවතින බැවින් නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට නොහැකි වී ඇති නිසා නීතිපතිවරයාගෙන් එසේ උපදෙස් ගැනීමට පියවර ගත් බව දැනුම් දුන් බවද ඔහු කීවේය. අලුතින් ලියාපදිංචිය ඉල්ලා සිටි තම පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ලියාපදිංචිය ප්‍රමාද වීම ගැන මැතිවරණ කොමිසමෙන් විමසූ විට ඒ බව දැනුම් දුන් බවද නිහාල් ප්‍රේමකුමාර මහතා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon