'මිස්ටර් හී-මෑන්' අයෝමය ශූරතා තරගාවලිය හෙට ගම්පහදී

  👤  2391 readers have read this article !
By mawbima 2018-09-21

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ අධීක්ෂණය යටතේ ගම්පහ 'ලයිෆ් ටයිම්', 'හෙල්ත් ඇන්ඩ් ෆිට්නස්', 'සුපර් පවර් ෆිට්නස්' යන ක්‍රීඩා සමාජයන්ගේ එකතුවෙන් සංවිධානය කරන '2018 මිස්ටර් හී-මෑන්' සමස්ත ලංකා අයෝමය ශූරතා තරගාවලිය සැප්තැම්බර් මස 22 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී 22දා (සෙනසුරාදා) පෙරවරු 8.00ට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා කනිෂ්ඨ (වයස අවුරුදු 21න් පහළ) සහ විවෘත අංශයන්ගෙන්් බර පන්ති 10ක් යටතේ තරග පැවැත්වීමට නියමිතය. ඒ අනුව කනිෂ්ඨ අංශයෙන් කිලෝ ග්‍රෑම් 70 සහ කිලෝ ග්‍රෑම් 70ට වැඩි වශයෙන් ද විවෘත අංශය යටතේ කිලෝග්‍රෑම් 55 සිට 85ට වැඩි බර පන්තිය දක්වා බර පන්ති 8ක් යටතේ තරග පැවැත්වේ. එමෙන්ම වයස අවුරුදු 50ට වැඩි ප්‍රවීණයන්ගේ කායවර්ධන තරගයක්ද මෙයට සමගාමීව පැවැත්වීම විශේෂත්වයකි.

'2018 මිස්ටර් හී-මෑන්' අයෝමය ශූරයා වශයෙන් සම්මාන දිනා ගන්නා ක්‍රීඩකයාට රුපියල් හැත්තෑපන් දහසක් ද දෙවැනි ස්ථානයට රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් සහ තුන්වැනි ස්ථානය දිනා ගන්නා ක්‍රීඩකයාට රුපියල් විසිපන් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමීමට නියමිතය. තවද මෙම තරගාවලියේ අවසාන මහා තරගය එදින පස්වරු 4.00ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර මෙම තරගාවලියේ සංවිධායක ආර්.කේ. ජයසුන්දර (අංක _ 0718043907) සහ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ තරගාවලි සංවිධායක ඉන්දික ප්‍රනාන්දු (අංක _ 0776102327) යන මහත්වරුන් අමතා ලබා ගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon