2019 ලෝක කුසලානය ලංකාවේ උත්සවයට ක්‍රිකට් කණ්ඩායම නැහැ

  👤  2662 readers have read this article !
By mawbima 2018-09-21

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පිහිටි ඩුබායිහිදී අගෝස්තු මස 17 වැනිදා ආරම්භ වුණු 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානයේ සංචාරය ඊයේ (20දා) ශ්‍රී ලංකාවට ළඟා විය.

ඒ අනුව එම කුසලානය කොළඹ නිදහස් චතුරස්‍රයේදී ප්‍රදර්ශනය කිරීම සිදු කෙරුණු අතර එය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ 1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමට නායකත්වය දුන් අමාත්‍ය අර්ජුන රණතුංග විසින් නිදහස් චතුරස්‍රය වෙත ගෙන එනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ද සහභාගි වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් හැර ජාතික කණ්ඩායම නියෝජනය කරන වෙනත් කිසිදු ක්‍රීඩකයකු එම අවස්ථාවට සහභාගි නොවීමද කැපීපෙනෙන සිදු වීමක් විය. තවද මෙම කුසලානය දින 4ක කාලයක් ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර නගර කිහිපයක සංචාරය කිරීමට ද නියමිතය.
කෙසේ වෙතත් එම අවස්ථාවට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ අඩුවක් දක්නට ලැබීම ද කැපීපෙනිණි.

ඡායාරූපය - වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon