ඉවසීමෙන් කණ්ඩායමත් සමඟ ඉඳිමු- මහේල මගෙන් උදව්වක් ඕනෙනම් එන්නම්- ඩිල්ෂාන්

  👤  2858 readers have read this article !
By mawbima 2018-09-21

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇදවැටී ඇති තත්වය සම්බන්ධයෙන් විවිධ මත පළවන අතර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද නින්දා සහගත පරාජය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ කම්පාවීම තමාටද හොඳින් දැනෙන බවත් එහෙත් තවදුරටත් ඉවසීමෙන් අප කණ්ඩායම සමඟ සිටිය යුතු බවත්ය.

තවද තවත් හිටපු නායකයකු වූ ටී. එම්. ඩිල්ෂාන් පවසන්නේ තම ක්‍රිකට් දිවිය මෙතරම් ඉක්මනින් නිමා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කනගාටුවට පත් වන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමට තම සහයෝගය අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබා දීමට සූදානම් බවත්ය.

තවද වර්තමානයේ ශ්‍රී ලංකාව මෙතරම් පහළට ඇදවැටුණු ආකාරය තමන්ට සිතා ගත නොහැකි බවත්, තමන් මෙතරම් ඉක්මනින් ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණය නොගෙන තවදුරටත් ක්‍රීඩා කළයුතුව තිබූ බව හැඟෙන අතර 2019 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට මුලදී තමන් බලාපොරොත්තු වුවද තමන්ට ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණය ගැනීමට සිදුවූ බවයි. එමෙන්ම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ඇත්තේ ඉතාමත් කෙටි කලක් බැවින් වර්තමාන ක්‍රීඩකයන්ට යම් ප්‍රශ්නයක් ඇත්නම් රාජ්‍ය නායකයන් හෝ මැදිහත් වී එය විසඳීමට අවශ්‍ය පියවර ගතයුතු බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩිල්ෂාන් පවසා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon