යළි කිසිදු නිවාස ඇමැතිවරයකුට ගෙවල් හදන්න මම ඉඩ තියන්නේ නෑ

  👤  2665 readers have read this article !
By mawbima 2018-09-21

නැවත කිසිම නිවාස ඇමැතිවරයකුට මෙරට නිවාස සෑදීමට තමන් ඉඩ නොතබන බවත් ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ, පාට භේදයෙන් තොරව නිවාස අවශ්‍ය සෑම පවුලකටම නිවාස ඉදිකර දීමට රණසිංහ ප්‍රේමදාසගේ පුතා සූදානම් බව සතුටින් ප්‍රකාශ කරන්නේ යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

රත්නපුර, වැලිගෙපොළ, බඹරගල ඉදිකළ 'සෙනෙහසගම' 113 වැනි උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පැවැති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මෙම ප්‍රතිඥාව ලබාදුන්නේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා අනුන් හදපු ගොඩනැඟිලි විවෘත කරලා එළියට ඇවිත් වෙනස සැපද? වෙනස හොඳද? කියා ජනතාවගෙන් ප්‍රශ්න කරනවා. ඔබට පෙනෙනවා අද නිවාස ක්‍ෂේත්‍රයේ විස්මයජනක සංවර්ධනයක් සිදු වෙමින් පවතින බව. 1994 වසරේ ජනතාව සිදු කළ වෙනස සමඟ දිවංගත මගේ පියාගේ 'උදාගම්මාන' වැඩසටහන සහමුලින්ම නතර වුණා. නමුත් යහපාලන ආණ්ඩුව යටතේ නැවත වරක් ඉතා ශීඝ්‍රගාමී නිවාස සංවර්ධනයක් අප රට පුරා දියත් වෙමින් පවතිනවා.

ප්‍රතිවාදීන්ගේ වෙනස කුමක්ද කියා අප මඳක් හැරී බලමු. අප විස්මයජනක නිවාස සංවර්ධනයක් රට පුරා සිදු කරමින් සිටින විට විරුද්ධවාදීන් විස්මයජනක පවුල් අරගලයක් සිදු කරමින් සිටිනවා. මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්නට ඔවුන් දැන් පොරකනවා. ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ කාහටදැයි, ඒ රාජපක්ෂ කෙනකු විය යුතුමයි කියා ඔවුන් කල්පනා කරනවා. විපක්ෂයේ සිටින දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම සහ හිටපු නිවාස ඇමැතිවරයාත් ඔවුන්ගේ ඉත්තන් පමණයි. මේ අය රාජපක්ෂවරු වෙනුවෙන් කුලියට කහිනවා.

ජනතාව තීන්දු කළොත් යහපාලනය නොව පොහොට්ටුව අවශ්‍ය බව. ගැටලුවක් නැහැ එය ජනතාවට භාරයි. ජනතාව කාහට කතිරය ගැසුවත් අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ගහන කතිරයේ වගකීම ජනතාව විසින් භාර ගත යුතුයි. ඔවුන් උදා ගම්මාන 2,500, උදා ගම්මාන 5,000 සහ උදා ගම්මාන 10,000 වැනි නිවාස වැඩසටහන් රටේ ක්‍රියාත්මක කරාවිද? පොහොට්ටුව යටතේ මෙවැනි විස්මයජනක නිවාස සංවර්ධනයක් සිදු වේද කියා මා හෘද සාක්ෂියෙන් විමසන ලෙස හා රටේ ජනතාවට කියනවා.

විරුද්ධවාදීන් අද දේශප්‍රේමීත්වය පිළිබඳව මහ උජාරුවට කතා කරනවා. ඔවුන් ඉඩම් බෙදා දුන් ආකාරය පොළොන්නරුව, මොනරාගල සහ හම්බන්තොටට පැමිණ ඔබට බලා ගන්නට පුළුවන්. 'ඩෝල්' නමින් බහුජාතික සමාගමක් තිබෙනවා. මෙවැනි කෝටිපති සමාගම්වලට එදා පොළොන්නරුවේ අක්කර ගණනින් ඉඩම් පසුගිය පාලකයන් විසින් ලබා දුන්නා. වත්මන් ජනාධිපතිතුමන් එදා ඊට විරුද්ධ වෙද්දී ඒ දේ සිදු කළේ. 'ඩෝල්'සමාගමට අක්කර ගණනින් මොනරාගල ප්‍රදේශයෙනුත් ලබා දුන්නා. පසුගිය පාලකයන් එදා තම ආරක්ෂකයන්ට හම්බන්තොටින් ඉඩම් ලබා දුන්නා. මේවා හරිද? වැරැදිද? හරි නම් පොහොට්ටුවට ඡන්දය ලබාදී අපව ගෙදර යවන්න. අප සෑම විටම ඔබේ තීරණයට ගරු කරනවා.

බස් පුරවා කොළඹ පිරවීමට කතා කරනවා හැර ජනතාවට නිවාසත්, ඉඩම් කෑල්ලක් දෙනව කියලා පොහොට්ටුවේ හාදයන්ට කියන්න බැරි ඇයි.

දක්ෂතාව එයයි. නමුත් එසේ පවසන්න ඔවුන්ට කොන්දක් නැහැ. කිසිම ආශාවකුත් නැහැ.

මේ අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. හොරා කාපු මුදල්වලින් බස් රථයට ගෙවනවා. එන අයට බුරියානි සහ මත්පැන් ලබා දෙනවා. ඇවිත් ඒවා ගහලා සිහි බුද්ධියක් නැතිව ආපසු යනවා. එක එක ගණන් කියලා ඕන ස්ථානයකට ජනතාව ගෙන්වන එක මහ ලොකු කජ්ජක් නෙවෙයි. ලක්ෂයක් දෙකක් අරගෙන කොළඹට එන්න මටත් පුළුවන්. ඔබ කළ යුත්තේ යහපාලන ආණ්ඩුව කෙරෙහි ඔබේ විශ්වාසය තැබීමයි. එසේ අප කෙරෙහි විශ්වාසය තබන ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon