නිසි විසඳුම් ලබා දීමට කටයුතු කරනවා අපනයනකරුවන්ට ඇති ගැටලුවලට

  👤  2413 readers have read this article !
By mawbima 2018-09-21

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන අපනයනකරුවන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජනාධිපති අපනයන සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

සම්මාන උළෙල මෙවර පැවැතියේ 22 වැනි වරටය. සම්මාන උළෙලේදී වසරේ හොඳම අපනයනකරු ලෙස ර්චඵ ධ්දබඪථචබඥඵ නමබ ඹ්බඤ ආයතනයේ ප්‍රධාන විධායක සුරේෂ් ප්‍රනාන්දු සම්මාන ලැබීය. හොඳම කාන්තා අපනයනකරු ලෙස සෙනිත්මා හෝල්ඩිංග්ස් ආයතනයේ නයනා රණතුංග සම්මාන දිනා ගත්තාය.

අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් 1981 වර්ෂයේදී හඳුන්වා දුන් ජනාධිපති අපනයන සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සඳහා වන කීර්තිමත්ම සම්මාන උළෙල වන අතර ශ්‍රී ලංකාවේ අපනයන ක්‍ෂේත්‍රය වෙත එය ප්‍රදානය කරනු ලැබේ.

මෙම සම්මාන උළෙලේදී 2017 අප්‍රේල් 01 වැනි දින සිට 2018 මාර්තු 31 වැනි දින දක්වා වන මූල්‍ය වසරේදී අපනයනකරුවන් පෙන්වා ඇති විශිෂ්ටත්වය ඇගැයීමට ලක්කෙරේ.
ජනාධිපති එහිදී මෙසේද පැවැසීය.

මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. අපනයන ක්‍ෂේත්‍රයේ විශිෂ්ටයන් සම්මානයට පාත්‍ර කිරීමට ලැබීම සතුටට කරුණක්. අපනයනය සම්බන්ධයෙන් අප බොහෝ දේ කතා කරනවා. රටක් විදියට ගත්තොත් අපේ රට අපනයනය සඳහාම පිහිටි රටක්. ලෝක සිතියම තුළත් එය තහවුරු වී තිබෙනවා. අපනයනය සම්බන්ධයෙන් අප කතා කළේ අද විතරක් නෙවෙයි. මීට වසර දහස් ගණනක සිට අපේ රට අපනයනයට ප්‍රසිද්ධව සිටියා. විදේශීය ආක්‍රමණවලට අපේ රට ප්‍රධාන හේතුවක් බවට පත් වූයේ අපනයනය සම්බන්ධයෙන් අප රට ප්‍රසිද්ධව සිටි නිසයි. මේ රටට ව්‍යාපාර සඳහා පැමිණි පිරිස් මේ රට ආක්‍රමණය කරන්නට පවා පෙලඹුණා.

අපේ රට ලෝකයේ නාවික ගමනාගමනය සම්බන්ධයෙනුත් වැදගත් ස්ථානයක් ගන්නවා. ඒ සම්බන්ධයෙන් බොහෝ වැදගත් කරුණු පවා අපේ ඉතිහාස කතා පිරික්සා බැලුවොත් අපට හඳුනාගන්නට පුළුවන්. අෑත අතීතයේ සිටම මැණික්, අලි ඇතුන් වැනි අපනයනයන් අපේ රට සිදු කළා. නමුත් අද වන විට ලෝකය තුළ අපනයන ක්‍ෂේත්‍රය එදාට වඩා බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා.

අපේ රටේ ආපනයනයන් ගත්තොත් එක් එක් ආණ්ඩු සමයන් තුළ එම අපනයනයන් ඉහළ ගිය අවස්ථාත් පහළ ගිය අවස්ථාත් තිබෙනවා. ඒ පසුගිය දශක කිහිපය පිළිබඳව කතා කළොත් අපට පෙනෙන්නට තිබෙන්නේ එවැනි තත්ත්වයක්. විදේශීය වෙළෙඳපළේ අපනයනය අතින් අප සිටින්නේ කොතැනද කියන එක ඔබ හොඳාකාරව දන්නවා.

2015 සිට මේ දක්වා කාලය තුළ අපනයනය සම්බන්ධයෙන් අප යම්තාක් දුරකට ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.

අපනයනය දිරිගන්වන අවස්ථා මෙන්ම අපනයනය දුර්වල කරන අවස්ථාත් අපට හඳුනාගන්නට හැකියි.

අපනයන කර්මාන්තය සඳහා තිබෙන බාධා වගේම විදේශ වෙළෙඳපොළට සුදුසු නිෂ්පාදන දැනට වඩා විශාල ලෙසින් ශක්තිමත් කිරීම අවශ්‍යයි යන්න මගේ අදහසයි. අද තිබෙන්නේ දැනුම මුල්කරගත් සමාජයක්. අපනයනකරුවන් දිරිගැන්වීම සහ ඔවුන් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා අවශ්‍ය මානව උපදේශකත්වය ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා ආණ්ඩුවට සම්බන්ධ ආයතන මේ පිළිබඳව විමසිලිමත්ව සිටීම අවශ්‍යයි. ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගත යුතුයි ඔවුන්.

අපනයනකරුවන් කියන්නේ අපේ ප්‍රශ්නවලට ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැහැයි කියලායි. සෑම රාජ්‍ය ආයතනයක්ම අපනයනකරුවන් සමඟ සහයෝගයෙන් වැඩ කළ යුතුයි. අපනයනකරුවන්ගේ බාධා ඉවත් කිරීමට නොවැම්බර් මාසේ 5 වැනිදා ඉදිරිපත් කරන අය - වැය යෝජනාවලින් අපි බලාපොරොත්තු වෙනවා.

ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතිනවා. අපේ රටට ශක්තිය දෙන අපනයනකරුවන් දිරිමත් කිරීමට ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුයි.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon