ආවා කල්ලියෙන් නිවෙසක පිරිසකට ප්‍රහාරයක්

  👤  2512 readers have read this article !
By mawbima 2018-09-21

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ තෙන්මරච්චි කයිතඩි ප්‍රදේශයේ නිවෙසකට ඊයේ (20දා) අලුයම 4.30ට පමණ යතුරුපැදිවලින් පැමිණි පහළොස් දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් නිවෙසේ උදවියට පහරදී කඩුවලින් කැපීම නිසා නිවෙසේ සිටි පස් දෙනකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් පස් දෙනා චාවාකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.

යාපනයේ ක්‍රියාත්මක 'ආවා ගෘෘප්' කල්ලියේ සාමාජිකයන් විසින් පැරැණි කෝන්තරයකට මෙම ප්‍රහාරය එල්ල කොට ඇති බව ප්‍රදේශවාසීන් කියා සිටියි. ප්‍රහාරයට ලක් වූ නිවෙසේ උදවිය කිසිම කණ්ඩායමකට සම්බන්ධ නොමැති බවත් කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් මත මේ ප්‍රහාරය එල්ල වී ඇති බවට සැක කරන බවත් ප්‍රහාරයට ලක්වූ නිවෙසට යාබද නිවෙස්වල උදවිය කියා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon