දෙමළ සිරකරුවන්ට නිදහස ඉල්ලා 22 වැනිදා උද්ඝෝෂණයක්

  👤  2422 readers have read this article !
By mawbima 2018-09-21

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

බන්ධනාගාරවල රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් 22 වැනිදා සෙනසුරාදා වවුනියාව දිසාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වවුනියාව ස්වේච්ඡා සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරනු ලබන මෙම උද්ඝෝෂණයෙන් පසුව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා ඇතුළු රජයේ වගකිව යුත්තන්ට සන්දේශයක් ඉදිරිපත් කිරීමටද නියමිත බව සංවිධායකයෝ කියා සිටිති.

තමන්ව වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු ආහාර වර්ජනයක නිරතව සිටින අතර දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය කියා සිටින්නේ එවැනි සිරකරුවන් එකසිය හත් දෙනකු දිවයිනේ බන්ධනාගාර කීපයක සිටින බවයි.
මේ අතර මේ පිරිසට නිදහස ලබා ගැනීම සඳහා කරුණු සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් සඳහා අවස්ථාව ඉල්ලා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon