උමඟක් තුළ තරුණයන් මියගියේ විස දුම ආඝ්‍රාණය වීමෙන්

  👤  2492 readers have read this article !
By mawbima 2018-09-21

නොර්වුඩ් - නීටා පත්මකුමාරි

ඉත්තෑවන් දඩයමේ ගොස් උමඟක් තුළ මිගගිය තරුණයන් දෙදෙනා විස දුම ආඝ්‍රාණය වීමෙන් මියගොස් ඇති බව නුවරඑළිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. මුදිත කුඩාගම මහතා විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තහවුරු වූ බව රාගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනෝජ් ධම්මික කාරියවසම් මහතා පැවැසීය.

රාගල පොලිස් වසමට අයත් රාගල සෙන්එළියාස් වතුයායේ පදිංචි සෙල්ලයියා අශෝක් කුමාර් (31), මහේෂ්වරන් රත්නේෂ්වරම් ඉකුත් 15 වැනිදා එම වතුයායේ රක්ෂිතයක පිහිටි ගල් ගුහාවකට ඉත්තෑවන් දඩයම් කිරීම සඳහා ගොස් සිටියදී ගල් ගුහාව තුළදීම අබිරහස් ලෙස මියගොස් සිටියහ.

මියගිය දෙදෙනා එම වතුයායේ රක්ෂිතයක පිහිටි ගල් ගුහාවක වෙසෙන ඉත්තෑවන් දඩයම් කිරීම සඳහා ගොස් ඉත්තෑවන් ගල් ගුහාවෙන් ඉවතට ගැනීම සඳහා දුමාරයක් ඇති කර තරුණයන් දෙදෙනාද ගල් ගුහාව මත රැඳී සිට ඇති බව රාගල පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

තරුණයන් දෙදෙනා ආපසු නොපැමිණි නිසා එම වතුයායේ වතු කම්කරුවන් එක්ව ඉකුත් (16දා) උදෑසන ඔවුන් දෙදෙනා සොයා එම රක්ෂිතයේ සිදු කළ මෙහෙයුමකදී දෙදෙනාගේ සිරුරු ගල් ගුහාවේ තිබී සොයාගෙන ඇත.

එම තරුණයන් දෙදෙනා සමඟ දඩයමේ රැගෙන ගිය සුනඛයකුද එම ගල් ගුහාව තුළම මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබූ අතර , මියගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු අසල මියගිය ඉත්තෑවකුගේ සිරුරක්ද හමුවී ඇත.

මියගිය තරුණයන් දෙදෙනාගෙ අවසන් කටයුතු වතු කම්කරුවන් විශාල පිරිසකගේ සෝ සුසුම් මැද 19දා පස්වරුවේ එම වතුයායේ පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon