බඹරු ඇනීමෙන් තිදරු පියා මරුට

  👤  530 readers have read this article !
By mawbima 2018-09-20

මීරිගම-දිනූෂි කේ.එම්. ආරච්චි

බඹරු ඇනීමෙන් රෝහල් ගත කළ 79 හැවිරිදි තිදරු පියකු මරණයට පත්ව ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පස්යාල නාඹුලුව පදිංචිව සිටි අබ්දුල් රහුමාන් මොහොමඩ් නමැත්තෙකි.

පෙරේදා (18දා) සවස මෙම අය වත්තේ වැටී තිබූ පොල් අත්තක් ඇදගෙන එද්දී එහි සිටි බඹරුන් ඇන ඇතැයිද පසුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවද පොලිසිය කියයි.

මරණ පරීක්ෂණය ඊයේ (19දා) පැවැත්වීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon