බද්ද හේතුවක් කරගෙන සීනි මිල නැංවුවොත් රජයෙන් බුරුලක් නෑ

  👤  453 readers have read this article !
By mawbima 2018-09-20

කුමුදු උපුල් ශාන්ත

බදු පැනවීම හේතුවක් කරගෙන සීනි ආනයනකරුවන් හා බෙදාහරින්නන් සීනිවල සිල්ලර මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසර කිපය තිස්සේ සීනි මිල නිරන්තරයෙන් අඩුවෙමින් පවතින බැවින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අටියෙන් සීනි සඳහා පැවැති උපරිම සිල්ලර මිල ඉවත් කළ නමුත් අවශ්‍යතාවක් වුවහොත් එම උපරිම සිල්ලර මිල යළි පැනවීමට
කටයුතු කරන බවත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon