පූජිත් ජයසුන්දර මුළු පොලිස් ඉතිහාසයටම නින්දාවක්

  👤  3260 readers have read this article !
By mawbima 2018-09-20

අනුරාධා හේරත්,
මහනුවර - ගයා ගී්‍ර කාරියවසම්

මෛත්‍රි - ගෝඨාභය ඝාතන සැලැසුමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් පොලිස්පතිවරයා විධිමත් පරීක්ෂණයක් සිදු කරාවිදැයි යන්න ගැන සාධාරණ සැකයක් පවතින බවත්, එය කිසිසේත්ම යටගැසීමට ඉඩ නොදිය යුතු බවත්, ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

වත්මන් පොලිස්පතිවරයාගේ ඉතාමත් ළාබාල, ළදරු හැසිරීම පිළිබඳව ජවිපෙට විවේචනයක් පවතින බව කියා සිටින මන්ත්‍රිවරයා, සඳහන් කරන්නේ පූජිත් ජයසුන්දර මහතා මුළු මහත් පොලිස් ඉතිහාසයටම නිගරු වන පරිද්දෙන් සිදුකෙරෙන හැසිරීම කිසිසේත් අනුමත නොකරන බවය.

දිසානායක මහතා පෙන්වා දුන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හා සම්බන්ධ හඬපටය පිළිබඳව පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, එම ඝාතන සැලසුමට අයත් දුරකථන සංවාදයේ අඩංගු වන්නේ කටහඬ මාරු කොට රෙකෝඩ් කළ ඒවා බවත් ඔහුගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ පරීක්ෂණ ආරම්භ කිරීමටත් පෙර ඔහු එක් පාර්ශ්වයක් නියෝජනය කරන බවත්ය.

ඉකුත් පාලන සමයේ කප්පම් ලබාගෙන මිනීමැරුම් සිදුකළ ජේ‍යෂ්ඨ පොලිස්පතිවරුන්ද, කුඩු ජාවාරම්කරුවන් ලබාදුන් නිවෙස් ලබාගත් හිටපු පොලිස්පතිවරුන් මෙන්ම රජකුමාරවරුන්ගේ ඝාතන සැඟ වූ ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන්ද සිටි ඉතිහාසයක අත්දැකීම් අනුව පොලිසියේ ඉහළ නිලධාරීන් ගැන සාධාරණ සැකයක් පවතින්නේ යැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon