රාජ්‍ය ඇමැති හිස්බුල්ලාටයි පුතාටයි ඇප

  👤  2852 readers have read this article !
By mawbima 2018-09-20

උදේනි සමන් කුමාර

ගොඩනැඟිලි ඉදිකිරීම් සමාගමකට අයත් රු. මිලියන 89ක යන්ත්‍ර සූත්‍ර පැහැර ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලැබ සිටි රාජ්‍ය ඇමැති එම්. එල්.ඒ. එම්. හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍ර හිරාස් හිස්බුල්ලා, නීතිඥයකු මඟින් ඊයේ (19දා) වාලච්චේන අධිකරණයට භාර වීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.

ලක්ෂ 2ක මුදල් ඇප සහ ලක්ෂ 25ක ශරීර ඇප මත මුදා හරින ලද සැකකරුවන්ට ඔක්තෝබර් 3දා නැවත අධිකරණය හමුවට ඉදිරිපත් වන ලෙස වාලච්චේන මහෙස්ත්‍රාත් එම්. රිස්වාන් මහතා විසින් දැනුම් දෙන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ල ඉදිරිපත් කළ අතර නීතිඥ අජිත් පතිරණ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon