ට්‍රක් එක පසුපසට ගිහින් ජීවිත 2ක් මරු තුරුලට

  👤  2758 readers have read this article !
By mawbima 2018-09-20

කල්තොට - එස්. වීරවංශ, බළන්ගොඩ - නලින්ද වලේබොඩ

බළන්ගොඩ, කිරිඳිගල ශෛලතලාරාම විහාරස්ථානයේ කිසියම් ඉදිකිරීමක් සඳහා දැව කඳන් රැගෙන යෑමට පැමිණි ට්‍රක් රථයක් බළන්ගොඩ කිරිඳිගල, උඩහගම ප්‍රදේශයේදී පෙරේදා (18දා) රාත්‍රි 7.30ට පමණ හදිසියේම එකවරම පසුපසට ධාවනය වී පෙරළී යෑම හේතුවෙන් දැව කඳන් පැටවීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු ට්‍රක් රථයට යටවීමෙන් මරණයට පත්ව ඇති බව බළන්ගොඩ පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුරින් ලොරි රථයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අනතුරින් මරණයට පත්ව ඇත්තේ බළන්ගොඩ කිරිඳිගල, උඩහගම පදිංචි අවිවාහක පුද්ගලයකු වන සුගත් කුමාර (38) හා ශෛලතලාරාම මාවතේ පදිංචි එස්. ජෝතිපාල (54) නමැති සිවුදරු පියෙකි. මේ දෙදෙනා ඥාතීන් වශයෙන් බාප්පා හා පුතෙකි.

ලොරි රථයේ රියැදුරු බළන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (19දා) බළන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු ඊයේ (19දා) බළන්ගොඩ මූලික රෝහලේදී පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon