හෙල්මට් දාගෙන ඇවිත් ලක්ෂ 19කට විදලා

  👤  2799 readers have read this article !
By mawbima 2018-09-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ චාවකච්චේරි නගරයේ පිහිටි මූල්‍ය ආයතනයකට ඊයේ (19දා) උදෑසන ඇතුළු වූ සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැලැඳි දෙදෙනකු එහි සේවකයන් බියවද්දා රුපියල් ලක්‍ෂ දහ නවයකට ආසන්න මුදලක් කොල්ලකා පලාගොස් තිබේ.

මෙම මූල්‍ය ආයතනයේ එකතු වී තිබුණු රුපියල් දහ අට ලක්‍ෂ අනූ එක් දහස් විසි එකක මුදලක් එහි කළමනාකරු ඇතුළු සේවකයන් විසින් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යෑමට සූදානමින් සිටි අවස්ථාවේදී උදෑසන 8.30ට පමණ පිහියක් හා කිණිස්සක් රැගෙන ආයතනය තුළට කඩාවැදුණු දෙදෙනකු ඔවුන්ව බියවද්දා මෙම මුදල් පැහැරගෙන ගොස් තිබේ.

ඒ සමඟම චාවකච්චේරිය පොලිස් ස්ථානයට මූල්‍ය සමාගමේ කළමනාකාරවරයා ඇතුළු පිරිස මේ බව දැනුම් දී පැමිණිල්ලක් ද ඉදිරිපත් කොට තිබේ.

චාවකච්චේරිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon