පරිගණකගත කළ ඔෟෂධ දත්ත පද්ධතිය පළාත් සභා රෝහල් දක්වා ව්‍යාප්ත කෙරේ

  👤  2701 readers have read this article !
By mawbima 2018-09-20

බද්දේගම - ඕ. කමලනාථ

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කළ පරිගණකගත ඔෟෂධ දත්ත පද්ධතිය පළාත් සභා රෝහල් සඳහා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ පසුගිය 17දා ආරම්භ කෙරිණි.

අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි. සෞඛ්‍ය සේවාවට අවශ්‍ය 20,000කට අධික ඔෟෂධ සහ වෛද්‍ය උපකරණ සැපයුම් ජාලය විධිමත් කිරීම සඳහා නව මෘදුකාංගය හඳුන්වාදී තිබේ.

ඒ අනුව මධ්‍යම රජය යටතේ පවතින රෝහල් 50ක සහ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් ගබඩා 26ක් ආශි්‍රතව දත්ත පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක කරමින් ඔෟෂධ හිඟයකින් තොරව සැපයීමට කටයුතු කර තිබිණි. එම වැඩපිළිවෙළ පළාත් සභා රෝහල්වලට ව්‍යාප්ත කිරීම යටතේ රෝහල් 400කට, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 338කට සහ මධ්‍යම බෙහෙත් ශාලා 600ක් ආවරණය වන පරිදි මෙම පරිගණක දත්ත පද්ධතිය ක්‍රියාත්මක කෙරේ. මෙමඟින් ඕනෑම රෝහලක ඔෟෂධ හිඟයක් ඇති වුවහොත් ආසන්නතම පිහිටි රෝහලෙන් එම ඔෟෂධ ගෙන්වා ගැනීමට අදාළ රෝහල් අධ්‍යක්ෂවරයාට හැකියාව ලැබේ.

මෙම පරිගණක දත්ත පද්ධතිය දිවයින පුරා ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් මිලියන 900කට ආසන්න මුදලක් වැය වී තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ලබන වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon