විග්නේශ්වරන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්:16දා විභාගයට

  👤  2725 readers have read this article !
By mawbima 2018-09-20

කමල් මහේන්ද්‍ර වීරරත්න

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඉවත දමන ලෙස ඔහුගේ නීතිඥවරයා විසින් කරන ලද ඉල්ලීම හා ඉදිරිපත් කළ කරුණුද ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය ඔක්තෝබර් මස 16 වැනිදා එය විභාගයට ගැනීමට දින නියම කළේය.

ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ මෙම කරුණ සම්බන්ධයෙන් විශේෂ අභියාචන පෙත්සමක් විභාග වන බැවින් මෙකී නඩුව පවත්වාගෙන යෑමට ඊට පහළ අධිකරණයක් වන අභියාචනාධිකරණයට බලයක් නොමැති බවටද ජනාධිපති නීතිඥ කානග් ඊශ්වරන් මහතා විග්නේශ්වරන් මහතා වෙනුවෙන් කරුණු දක්වමින් ප්‍රකාශ කර හිටියද එයද ප්‍රතික්ෂේප කළ විනිසුරු මඬුල්ල මෙලෙස නඩුව විභාගයට ගැනීම සඳහා නියම කළේය.

කුමුදිනී වික්‍රමසිංහ හා ජනක්න්ද සිල්වා යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ මෙම චෝදනාව ඉදිරිපත් කරනලද්දේ උතුරු පළාත් සභාවේ ධීවර හා ගමනාගමන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ බාල සුබ්‍රමනියම් ඩෙනීශ්වරන් මහතා විසින් මෝසමක් මඟිනි.

එමඟින් ප්‍රකාශ වූයේ තම අමාත්‍ය ධුරයන් අහිමි කිරීමට ප්‍රධාන අමාත්‍යවරයා විසින් ගනු ලැබ ඇති තීන්දුව හා එලෙස ඉවත් කිරීමට ක්‍රියා කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද "රිට් ආඥාව"ට අවනත නොවීම මඟින් ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා අධිකරණයට නිගරුවක් හා අපහාසයක් කර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමින් එම මෝසම ඩෙනීශ්වරන් මහතා විසින් ගොනු කරන ලද්දේ ඉකුත් ජුනි මස 29 වැනි දිනය.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් නඩු විභාගයක් ආරම්භ කරමින් විග්නේශ්වරන් මහතාගේ තීරණය ක්‍රියාත්මක කිරීම ඊළඟ නඩු දිනය තෙක් අත්හිටුවමින් එදිනම වාරණ නියෝගයක්ද නිකුත් කරන ලද අතර එම අතුරු නියෝගය ජූලි 10, ජූලි 24, අගෝස්තු 09, සැප්තැම්බර් 08, සැප්තැම්බර් 19 දක්වා නඩු වාරයෙන් නඩු වාරයට දීර්ඝ කරනු ලැබීය.

පසුගියදා (18දා) යළි එම නියෝගය ඊළඟ නඩු දිනයට පසුදිනය වන ඔක්තෝබර් 17 වැනි දින දක්වා දීර්ඝ කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon