මහ කන්නයට අවශ්‍ය පොහොර ගබඩා කර තබන්න

  👤  2824 readers have read this article !
By mawbima 2018-09-20

උදයන්ති මුණසිංහ

මහ කන්නයට අවශ්‍ය සියලුම පොහොර, වගා කටයුතු ආරම්භ කිරීමට පෙර වහාම ගබඩා කර තැබීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී තිබේ.

මේ වන විටත් යාපනය අර්ධද්වීපයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොරවලින් මෙටි්‍රක් ටොන් 520ක් ගබඩා කර ඇත. ඒ අනුව යූරියා පොහොර මෙටි්‍රක් ටොන් 226ක්, ත්‍රිත්ව සුපිරි පොස්පේට් පොහොර (ඊඉර්ථී) මෙටි්‍රක් ටොන් 247ක් සහ බණ්ඩි (ර්ර්ණීර්ථී) පොහොර මෙටි්‍රක් ටොන් 47ක් ගබඩා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව තවත් යූරියා මෙටි්‍රක් ටොන් 500ක්, ත්‍රිත්ව සුපිරි පොස්පේට් පොහොර මෙටි්‍රක් ටොන් 300ක් සහ බණ්ඩි පොහොර මෙටි්‍රක් ටොන් 200ක් වශයෙන් පොහොර මෙටි්‍රක් ටොන් 1000ක් මහ කන්නයේ වගා කටයුතුවලට පෙර ගබඩා කිරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව සෑම ප්‍රදේශයකටම හිඟයකින් තොරව පොහොර ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන ලෙසද කෘෂිකර්ම අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon