පළමු අදියරේ තරග අහිමි වූ රන්ජන් දෙවැනි අදියරට

  👤  3175 readers have read this article !
By mawbima 2018-09-19

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර සැප්තැම්බර් 29 හා 30 යන දෙදින දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත අතර, ආබාධයක් හේතුවෙන් පළමු අදියර සඳහා සහභාගි නොවුණු ධනුෂ්ක රන්ජන් දෙවැනි අදියර සඳහා සහභාගි වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට වාර්තා වේ.

හොංකොං හිදී පසුගියදා නිමාවට පත්වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා(17දා) ලංකාවට පැමිණි අතර එම කණ්ඩායම සමග පුහුණු සැසියකට සහභාගි වීමෙන් අනතුරුව ධනුෂ්ක රන්ජන් දෙවැනි අදියරට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය කරනු ඇති බවද පැවැසේ.

කෙසේ වෙතත් ආබාධයකට ලක්ව සති තුනක පමණ කාලයක් විවේක ගැන්වීම හේතුවෙන් පළමු අදියර අහිමි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක සුදර්ශන මුතුතන්ත්‍රිට දෙවැනි අදියරද අහිමි වන අතර පළමු අදියරේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ශ්‍රී නාත් සූරියබණ්ඩාරට දෙවැනි අදියරේදීද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරෙනු ඇත. තවද ආසියානු ක්‍රීඩා උළෙල හා ආසියානු සත් සාමාජික රග්බි පළමු අදියර අහිමි වූ නිෂෝන් පෙරේරා මීළඟ අදියරට සහභාගි වනු ඇති බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පීටර් වුඩ්ස් පැවසීය. තවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පළමු අදියරට සහභාගි නොවූ ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන්ට කණ්ඩායමේ තමන්ගේ ස්ථානය නැවතත් ලබාගැනීමට නම් දැඩි සටනක් ලබාදියු යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon