අනතුරකින් තුවාල ලැබූ රංගමාල් රෝද පුටුවක් අයදියි

  👤  3263 readers have read this article !
By mawbima 2018-09-19

උඩනිරිඇල්ල - ඔලිවර් පුංචිහේවා

නිවිතිගල මඩාර දංදෙණිය පදිංචි ඩබ්ලිව්.එම්. ලයනා කුමාරිගේ ස්වාමිපුරුෂයා වූ කේ.එම්. රංගමාල් පීරිස් (48) වෘත්තියෙන් පෙදරේරුවෙකි. ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිව රැකියාවේ නිරතව සිටියදී තමා ගමන් ගත් පාපැදිය ත්‍රිරෝද රථයක ගැටීම නිසා බරපතළ තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කළ පසු ප්‍රතිකාර ලබාදී රත්නපුර රෝහල වෙත මාරුකර එවා ඇත. රත්නපුර මහ රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර ලැබූ ඔහු දැනට නිවිතිගල රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ පිළිබඳව "මව්බිම"ට අදහස් දැක්වූ බිරිය ඩබ්ලිව්.එම්. ලයනා කුමාරි මහත්මිය.

"මගේ මහත්තයා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ උපත ලැබූ කෙනෙක්. මම විවාහ වුණාට පස්සේ මහත්තයාගේ ගමට ගිහින් ගෙයක් කුලියට අරගෙන ජීවත් වුණා.

2018 අප්‍රේල් මාසෙ 7 වැනිදා මහත්තයා රැකියාවට යමින් සිටියදී පාපැදිය ත්‍රිරෝද රථයක හැපුණා. මහත්තයාට බරපතළ තුවාල සිදුවුණා. මහත්තයා පානදුර, රත්නපුර රෝහල්වලින් ප්‍රතිකාර ලබාගත්තට පස්සෙ අපි නිවිතිගල රෝහලට ඇතුළත් කර ගත්තේ පිළිසරණක් සොයාගෙන ගමේ පදිංචියට එන්න බලාපාරොත්තුවෙනුයි.

අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු පුතාගෙ වයස අවු 17යි. ලොකු පුතා රෝහලේ තාත්තා ළඟ නතර වෙලා ඉන්න නිසා එයාගෙ අධ්‍යාපන කටයුතු නතර වුණා. තව අවුරුදු 12 හා 08 දරු දෙන්නටත් ආර්ථික ප්‍රශ්න නිසා පාසල් කටයුතු කරගන්න බැහැ. මම දැනට නතර වෙලා ඉන්නෙ මගෙ අක්කගෙ ගෙදරක. අපිට කියලා ඉන්න හිටින්න ස්ථිර තැනක් නැහැ. මහත්තයාට රෝද පුටුවක් වගේම කිහිලිකරුවකුත් අවශ්‍යයි. අපි අසරණ වුණ වෙලාවේ කවුරු හරි පිහිට වෙනවානම් ලොකු පිනක්" යැයි ඇය පැවැසුවාය.

රංගමාල් පීරිස්ට ආධාර උපකාර කොට පිහිට විය හැකි පරිත්‍යාගශීලීන් වෙතොත් 072-9865055 දුරකථනයෙන් තොරතුරු ලබාගත හැකි අතර ලංකා බැංකුවේ පානදුර ශාඛාවේ අංක 6224814 ඔවුන්ගේ ගිණුම් අංකයයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon