අර්තාපල් නිපැයුම ඉහළ නැංවීමට නව තාක්‍ෂණය හඳුන්වා දීමට ඉන්දීය සමාගමක් එකඟ වුණා-නුවන් හෙට්ටිආරච්චි

  👤  3060 readers have read this article !
By mawbima 2018-09-19

ශ්‍රී ලංකා අර්තාපල් නිෂ්පාදනය 80%කින් ඉහළ නැංවීම සඳහා නව තාක්‍ෂණය හඳුන්වා දීමට ඉන්දීය සමාගමක් එකඟතාව පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දැනට ලංකාවේ කුඹුරු හෙක්ටයාර් එකකින් ලබා ගන්නා අස්වනු ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 4ක් පමණ වන බවත් නව තාක්‍ෂණය හඳුන්වා දීමෙන් එම අස්වනු ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 13 දක්වා ඉහළ යන බවත් හෙතෙම පවසයි.

බී.වී.ජී. ඉන්දියා සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ එච්.ආර්. ගයික්වඩි සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකින් පසු මේ තීරණයට එළැඹි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ හවුල්ව ඒකාබද්ධ ආදර්ශන ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේදී ආරම්භ කර බී.වී.ජී සමාගම් සමූහය විසින් හඳුන්වා දෙන නව තාක්‍ෂණය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon