ඉන්ධන මිල සූත්‍ර විගඩමෙන් අද සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්න සිදුවීමක්

  👤  3086 readers have read this article !
By mawbima 2018-09-19

අනුරාධා හේරත්

ඉන්ධන මිල සූත්‍ර විගඩමෙන් මගීන් ඇතුළු සමස්ත පාරිභෝගික ජනතාවට අද සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ සිදුවීමක් බව සමස්ත ලංකා ප්‍රවාහන සේවකයන්ගේ සංගමය චෝදනා කරයි.
එහි ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ 'මව්බිම'ට පැවැසුවේ වහාම ඉන්ධන තිබූ මිලට පහත දැමීමට රජය කටයුතු කළයුතු බවයි.

ඒ අනුව බස් ගාස්තු 10%කින් ඉහළ දැමීමට සිදු නොවන බවත්, වෘත්තීය සමිතියක් ලෙස බස් ගාස්තු වැඩි කිරීමට සම්පූර්ණ විරෝධය පළ කරන බවත් ඒ මහතා අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon